සරම ඇඳපු කෙනෙක් ඕනම තැනක කැපිලා පේනවා. සරම කියන්නෙ හරියට බැට් මෑන්ගෙ බෙල්ට් එක වගේ. කිට් එකටත් කළ එළියක් ගේනවා. බැරි වැඩකුත් නැහැ. (මේකෙ හයවෙනි කෑල්ල කියවලම බලන්නකො විශ්වාස නැත්තං…)
සරම දිහා සමහරු උපහාසෙන් බැලුවත්, සරම කැඩුනොත් ලැජ්ජා වෙන්න සිද්ධ වුනත්, සරම කියන්නෙ වෙස්සන්තර රජ්ජුරුවො වගේ තමන්ට පුළුවන් හැමදේම නොමිලේ කරල දෙන කෙනෙක්. මෙන්න සරම ආයෙ කරලියට එන්න ඕන ඇයි කියල හේතු ටිකක්.
1. හැම තැනටම ගොඩ
අවුරුදු උත්සව, ගෙදරට, වෙඩිමට, පාටියට, නෝමල් සෙට්වීමකට ආදී සියළු තැන්වලට සරම ගොඩ. කවුරුත් ඒක ෆැෂන් එකක් විදියටමයි බලන්නෙ. ඒවගේම අවශ්‍ය තැනදි ඒක නොමල් ඇඳුමක් විදියටත් පේනව. ඒ තරමට වර්සටයිල් ඇඳුමක්.
2. සනීපයි
හුලං වදිනව, පුදුම සනීපයි. ඇඳුමක් ඇඳපු නැති ගානයි. ඒ තරං සැපක් වෙන කිසිම ඇඳුමකින් නැහැ. නිදියන්න කියාපු ඇඳුම. උදේට ඇහැරෙද්දි සරම හොයාගන්න නැති එකනං ඉතිං පොඩි ප්‍රශ්නයක්. මගේ යාළුවෙකුගෙ සරම ෆෑන් එකේ කැරකි කැරකි තිබ්බලු උදේ බලද්දි.
3. ලාබයි
අනික දැන් කලිසමක් ගත්තම යන ගානෙන් හෙන අඩුවට සරමක් ගත්තැහැකි. ඒ වගේම වෙඩින් එකකට උනත් සරමක් ඇන්දොත් උඩට කෝට් ඕන නැහැනෙ. ඒ නිසා ඒ වියඳමත් කැපෙනව. සපත්තු ඕන නැති නිසා ඒ වියඳමත් කැපෙනව. පට්ට ඩීසන්ට්! පට්ට ලාබයි!
4. හෝදන්න ලේසියි
කලිසං හෝදනව වගේ අමාරු නැහැනෙ. හෝදන්න හරිම ලේසියි. හදිස්සියට කැහැපොට ගහගන්නත් පුළුවන්. මේ වගේ දේවල් තව නෑ.
5. ඩාන්ස් මූව්ස්
සරම ඇඳල වෙඩින් එකකට ගිය මිනිස්සුන්ට ඔය ටයි කෝට් දාපු බයියලට වඩා ඕනතරං ඩාන්ස් මූව්ස් තියෙනව. ඔරු ඩාන්ස්, සරම කරේ ඩාන්ස්, රුවල් ඩාන්ස්, කුරුං ගුරුං ඩාන්ස් වගේ දේවල් ගොඩයි.
6. මල්ටිෆංෂන්
කලිසම ඇඳගන්නකං විලිවහගන්න දත්වලින් ඇදගෙන ඉන්න පුළුවන්…
සීතලට පෙරවගන්න පුළුවන්…
සරම අස්සෙ සමහර දේවල් හංගගෙන ඉන්නත් පුළුවන්…
යාළුවෙකුගෙ ඔලුවට දාලා ගුටි පූජාවක් දෙන්නත් පුළුවන්…
තුවාය හොයාගන්න නැතොත් මූණ පිහදාගන්න පුළුවන්…
අවන් එකෙන් කේක් එක ගන්න ග්ලවුස් හොයාගන්න බැරිවුනොත් ප්‍රයෝජනේට ගන්න පුළුවන්. ඉන්ස්ටා කර්ටන්…
කොට්ටෙ පොඩියි නං ගුලි කරල තියාගන්න පුළුවන්…
යටින් පටියක් ඉරලා තුවාලෙකට බැඳගන්න පුළුවන්…
හදිසියට බෑග් නැති වුනොත් මොනවහරි දාගෙන ගැටයක් ගහගන්න පුළුවන්…
ළමයව යටින් තියාගෙන පද්දන්න පුළුවන්…
එක එක පැතිවලට නමලා සරමෙන් වෙනස් ඇඳුම් හදන්න පුළුවන්. තව මොනවද ඉතිං…?
The post මෙන්න කව්රුත් තව තව සරම ඇඳිය යුතු හේතු 6ක් appeared first on Beauty Girls.