Quantcast
Channel: Fashion – Welcome to Beautygirls
Viewing all 90 articles
Browse latest View live

තප්පර 10න් ටයි එක දාන ක්‍රමයක් මෙන්න…


නිසංසලා මදුෂානි ගේ හොට්ම හොට් මෙන්න බලන්න…

$
0
0

The post නිසංසලා මදුෂානි ගේ හොට්ම හොට් මෙන්න බලන්න… appeared first on Beauty Girls.

ට්වීලයිට් නිළියගේ අලුත්ම සෙල්ලම….

$
0
0

ක්‍රිස්ටීන් ස්ටුවර්ට් නම් වූ මේ යොවුන් රූබර නිළියගේ වතගොත බොහෝ දෙනකු දන්නවා. ඒ අය ඇයව හඳුනන්නෙ දක්ෂ නිළියක හැටියටයි. හැබැයි ක්‍රිස්ටීන් හපන්කම් පෙන්වන්නෙ සිනමා රංගනයේදී විතරක් නොවෙයි.
ඇය කවි නිර්මාණය කිරීමේ, සංගීත භාණ්ඩ වාදනය කිරීමේ සහ ගොල්ෆ් ක්‍රීඩා කිරීමේත් හපනියක්. ලෝක ප්‍රකට ඇමරිකානු ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් ගේ ඉරියව් අනුගමනය කරමින් තමන්ට ගොල්ෆ් ක්‍රීඩා කිරීමට හැකි බව ඇය පවසනවා.
චිත්‍රපට රූගත කිරීමකදී ලැබෙන විවේක කාලවලදී ඕපාදූප කතා කරමින් කාලය නාස්ති කරන්න ඇය කැමැති නැහැ. ඒ වෙනුවට කවියක් දෙකක් කඩදාසියක සටහන් කරමින් එහි රසවිඳින්නට ඇය උත්සාහ කරනවා. ක්‍රිස්ටීන් ගේ මේ හැකියාව හඳුනා ගත් මිතුරු මිතුරියන් ඇයට නිතර ම කියන්නේ ගීත රචනා කරන්න කියලයි. ඒත් ඇය ගීත රචනා කරන්නට නම් පැකිළෙනවා.
“සින්දු ලියන්න නම් පොඩි ලැජ්ජාවක් තියෙනවා. කවි නම් ආසාවෙන් ලියනවා. නිකං ඉන්න වෙලාවට මම ගිටාර්, ඩ්‍රම්ස් වගේ සංගීත භාණ්ඩ වාදනය කරනවා. හැබැයි මම කවි නිර්මාණයේ සංගීතය වාදනය කිරීමේ ප්‍රවීණයෙක් නෙමෙයි.” ක්‍රිස්ටීන් නිහතමානීව පැවසුවා.

The post ට්වීලයිට් නිළියගේ අලුත්ම සෙල්ලම…. appeared first on Beauty Girls.

බ්‍රිට්නිගේ පාට පාට යට ඇඳුම්….

$
0
0

බ්‍රිට්‌නි ස්‌පියර්ස්‌ කිවුවාම ඇය ගැන නොදන්නා කෙනෙක් නොඇසූ කෙනෙක් ලොව නැති තරම්. මොකද ඒ තරමට ඇය ලොවපුරා ජනප්‍රිය චරිතයක්. බ්‍රිට්නි කියන්නේ පොප් රැජිණක්‌.
හිතුවක්‌කාරී බවේ දඟකාරී බවේ සංකේතයක්‌, නිළියක්‌, ගීත රචිකාවක්‌, නාට්‍යාංගනාවක්‌, ගීත ඇල්බම් නිෂ්පාදකවරියක්‌, ගත්කතුවරියක්‌, මෝස්‌තර නිරූපිකාවක්‌ වගේම වීඩියෝ අධ්‍යක්‍ෂකවරියකත් වන ඇයගේ සම්පූර්ණ නම බ්‍රිට්‌නි ජීන් ස්‌පියර්ස්‌.
ඇයගේ මව්පියන් ලයින් අයිරීන් සහ ඡේම්ස්‌ පතෙල්. ස්‌පියර්ස්‌ එම යුවළගේ දෙවන දරුවායි. බ්‍රිට්‌නි ස්‌පියර්ස්‌ උපන්නේ 1981 දෙසැම්බර් 2 වැනිදා මිසිසිපිහිදී උපත ලද ඇය විසින් මෑතකදී නාන ඇඳුම් හා විවිධාකර යට ඇඳුම්වලින් සැරසී ගනු ලැබූ ඡායා රූප පෙළක් පහත පරිදිය.

The post බ්‍රිට්නිගේ පාට පාට යට ඇඳුම්…. appeared first on Beauty Girls.

Miss England 2015 වේ හොට්ම හොට් චායාරුප පිටවේ….

$
0
0

Miss England 2015 කිරුළට තරඟ වදින අවසන් තරඟකාරියන් දෙනා උතුරු ඉන්දියාවේදී කැමරාවට මුහුණදුන් ඡායාරූප පෙළක් අප වෙත ලැබිණ.
මෙම තරඟාකාරියන් සහභාගි වන අවසන් තරඟය මේ මස 17 වැනිදා පැවැත්වීමට නියමිතය.
මේ එම ඡායා රූප පෙළයි.

The post Miss England 2015 වේ හොට්ම හොට් චායාරුප පිටවේ…. appeared first on Beauty Girls.

නංගිට හොඳට හොර වැඩ කරන්න පුළුවන්…

$
0
0

ඇය හැඩකාරය, කටකාර ය. ඇගේම වචනවලින්ම කීවොත් හැම වෙලේම ෆුල් ජොලියේ ඉන්න කැමැති මේ රුවැත්තිය ප්‍රියසාද් දිය‚යො තිදෙනාගේ වැඩිමහලූ‍ දිය‚යයි. එසේ කියු සැනින් මේ කතා කරන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනි ඩිනක්ෂි ප්‍රියසාද් ගැන බව ඔබ හඳුනා ගන්නවා නොඅනුමානයි.

ඩිනක්ෂි අල්ල ගන්න නම් ලේසි නැහැ?

පහු ගිය දවස් වල පොඩි පොඩි වැඩ වගයකට හිර වුණු හින්දා මිසක් නැතිනම් එච්චර අමාරු නම් නැහැ.

පහු ගිය දවස් වල සැහෙන්න මහන්සි වුණාලූ‍ නේද?

ඔව් නේ.. ඒ මගේ විභාගේ නිසා. මං ඇඟලූ‍ම් නිෂ්පාදනය සහ කළමනාකරණය පිළිබඳ උපාධියක් කරනවා. ඉතින් ඒකේ තවත් වසරක වාර අවසන් විභාගයකට තමයි පහු ගිය දවස්වල හති දාගෙන පාඩම් කළේ.

හම්.. ඒ පහු ගිය දවස් නේ. ඒ හැරුණම සාමන්‍යයෙන් ඩිනක්ෂිගේ දවස ආරම්භ වෙන්නේ කොහොමද?

නිශ්චිත කාල සටහනක් නම් නැහැ. ෂුටිං තියෙන දවස්වල බොහොම අකැමැත්තෙන් හරි පාන්දර හතරට නැගිටිනවා. හැබැයි නිවාඩු දවස් වලට සමහර විට දහය වෙනකනුත් නිදි. ඉතින් දවස පටන් ගැනීමේ කිසි පිළිවෙළක් නැහැ.

හැම දේම ඔහොම අපිළිවෙළද?

නැහැ. නැහැ. මං කරන වැඩ හරි පිළිවෙළට කරනවා. මේ පිළිවෙළක් නැහැයි කිව්වේ, ජීවිතේ සහ මගේ අනාගතේ පිළිවෙළකට සැලසුම් කරලා නැති නිසා.

ඩිනක්ෂි ගේ හරි අපූරු විනෝදාංශ තියෙනවා කියලා අපිට ආරංචි වුණා?

පැරැ‚ චිත්‍රපට සහ පරැ‚ ගීත අහන්න මං හරි කැමැතියි.

බලපු ලස්සනම පැරැ‚ චිත්‍රපටය මොනවද?

ඔක්කොම කියන්න ගියොත් නම් ලියන්න ඉඩ නැති වෙයි.,මාතලන්,චිත්‍රපටයට මං හරිම කැමැතියි. ඒ වගේම’සංදේශය’, ‘රන්මුතු දූව’, ”විරාගය’,’ආදර කතාව’ ඒ වගේ මං කැමැති තව චිත්‍රපට කිහිපයක්.

අනිත් විනෝදාංශ ගැනත් කියමු නේද?

ඒ මොනවද?

ඇයි කෑම වලට තියෙන කෑදර කම?

කෑම කන්න කැමැතියි තමයි. හැම වෙලේම වෙනස් වෙනස් කෑම ජාති ට්‍රයි කරන්න මං හරි කැමැතියි. ඒත් සමහර වෙලාවට හපන්න කම්මැලි කමට නොකා ඉන්න වෙලාවලූ‍ත් තියෙනවා. පොඩි කාලේ ඉඳන් එක එක කෑම ජාති හදලා තියෙන නිසා මට හොඳට උයන්න පුළුවන්. පොඩි කාලේ අම්මිගෙන් තමයි ඒවා ඉගෙන ගත්තේ,
දැන් නම් කෑමක් කනකොට ඒක හදලා තියෙන්නේ කෙහොමද කියලා කියන්න පුළුවන්. අනෙක දැන් ඉන්ටර්නෙට් එකෙනුත් රෙසපි අරගෙන හදන්න පුළුවන්නේ.

යන යන තැන සෙල්ෆි ගහන එකත් දැන් අලූ‍ත්ම විනෝදාංශය නේද?

හා හා.. මං හිතන්නේ ඒක බලන් ඉන්න අය අපිට වඩා ලොකු විනෝදාස්වාදයක් ලබනවා ද කොහේදො.. සෙල්ෆි කියන්නේ අපේ ජෙනරේෂන් එකේ වසංගතයක් නේ.

දැනටමත් මගේ ෆෝන් එකේ ෆොටොස් 7000 විතර තියෙනවා. මෙමරි කාඩ් එකත් ෆුල්. ඒත් මොනා කරන්නද අපි ඉතින් ඒවට හරි ආසයි. අනික ඒකේ ඇති වැරැද්දකුත් නැහැ, කාටවත් හානියකුත් නැහැනේ.. හැබැයි මේ ට්‍රනේඩ් එකත් තව කාලෙකින් නැති වෙලා යයි.

සෙල්ෆි නිසා අපහසුවට පත් වෙලාම නැද්ද?

එහෙම අනවශ්‍ය ප්‍රශ්න නම් මේ වන තෙක් ඇවිත් නැහැ.

ඩිනක්ෂිට විවේකයක් ලැබුණහම මොකද කරන්නේ කියලා ඇත්තම කියමු නේද?

නිදාගන්නවා…ඇත්තම කියනවා නම් වැඩිපුරම ඒ දේ තමයි කරන්නේ. මට නිදා ගන්නේ නැතුව වැඩ කරන්න හරි අමාරුයි

අක්කලා නංගිලා ඉන්නකොට රණ්ඩු වලිනුත් අඩුවක් නැහැ නේ?

ඔව් ඔව්. හැම වෙලේම වගේ මොනව හරි රණ්ඩුවක් තමයි. හැබැයි ටික වෙලාවයි. රණ්ඩු වුණේ මොකටද කියලා එතකොට මතකත් නැහැ.

වැඩි පුර රණ්ඩු වෙන්නේ මොනවටද?

අපි තුන් දෙනාම අපේ ඇඳුම් මාරු කර ගෙන අඳිනවා. සමහර වෙලාවට ශනූ මගේ ඇඳුමක් හරි සපත්තුවක් හරි මටත් නොකියා හෙරෙන්ම ඇඳන් යනවා. හැබැයි ඉතින් එයාගේ මෝඩකම කියන්නේ, ඇඳන් ගිහින් ෆොටො අරන් ඉන්ස්ටග්‍රම් ශෙයාර් කළාහම මට අහුවෙනවා. ඉතින් ඔන්න වලි..එතකොට එයත් —ඇයි ඔයා මගේ අර ඇඳුම ඇඳන් ගියේ කියලා මට මතක් කරලා ෆොටො එකත් එවනවා. එතකොට ඉතින් කට පියාගෙන ඉන්නයි වෙන්නේ.

වැඩි පුර හොර වැඩ කරන්නේ අක්කාද නංගිද?

අපෝ නංගි තමයි. එයාට හොඳට කරන්න පුළුවන් හොර වැඩ. හැබැයි ඉතින් හොර වැඩේ කළත් මෝඩ විදිහට කරන නිසා අහු වෙනවා.

දැන් ඉතින් ආදරේ කරන වයසක මිසක් රණ්ඩු වෙන වයසක නෙමෙයි නේද ඉන්නේ?

ආදරේ කරන්න ගිහිනුත් රණ්ඩු වෙයි කියලා තමයි ආදරේ නොකර ඉන්නේ.

කල වයසත් හරි යාගෙන එන එකේ ගෙදරින් ඔහොම ඉන්න දේවිද?

අපෝ නෑ. අම්මා මේ වෙද්දි පටන් අරන් ඉන්නේ. මට දෙන්නේ තව අවුරුද්දයිලූ‍. ඊට පස්සේ ගෙදරින් එළවයිද දන්නෑ

එහෙනම් ඉක්මනට තැනක් හොයා ගන්න වෙයි?

ඔව්. තනියම ඉන්න හරි තැනක් හොයා ගන්න වෙයි .

තනියම ඉන්න ඔච්චරටම කැමැතිද?

මැරි කරපු කට්ටියගේ දේවල් අහන කොටයි දකින කොටයි මැරි කරන්න හිතෙන්නේ නැහැ. නිදහසකුත් නැහැ, අනික කියන දේ අහගෙන ඉන්න එපැයි. අනේ මට නම් බෑ එහෙම ඉන්න. මං කැමැති ෆුල් ජොලියේ ඉන්නයි.

හැමදාම එහෙම ඉන්න බැහැ නේ?

ඔව්. ඔය කිව්වට ඉතින් මටත් තියෙන ප්‍රශ්න එක්ක හැම වෙලේම එහෙම ඉන්න බැහැ තමයි.

මොනවද අප්පේ ඔච්චරටම තියෙන ප්‍රශ්න?

ඇයි දැන් අපේ අම්මාගේ අවුරුද්දක පරිවාස කාලේ… එතකොට ෂුටිං.. හැබැයි ඉතින් ෂුටිං නම් මං කැමැත්තෙන් කරන්නේ.

ඔව් එහෙම වෙන්න එපැයි. හොඳ ගෙවිමකුත් තියෙනවානේ. හැබැයි ඉතින් වියදමත් ඒ වගේම සැරයි මගේ හිතේ?

අනේ… එහෙම නෑ. මාව දන්න අය දන්නවා මං හරි ලෝබයි කියලා. වියදම් කරනවා නම් ඉතින් වැඩිපුරම කන්න තමයි.

The post නංගිට හොඳට හොර වැඩ කරන්න පුළුවන්… appeared first on Beauty Girls.

මම බොහොම සාධාරණ මිලක් තමයි අය කරන්නේ…

$
0
0

නමින් ඇය තවමත් ඔබට නුහුරු වූවත් රුවෙන් ඇය නොදන්නා කෙනෙකු නැති තරම්.. විටෙක කොන්දේ රුදාව මට්ටු කිරීමට ඛෙහෙතක් හඳුන්වා දෙන ඇය, තවත් වරෙක රසවත් තේ කෝප්පයක් සාදා ගන්න හැටි කියා දෙයි.. මෙලෙස වෙළෙඳ දැන්වීම් ගණනාවක් ඔස්සේ ඔබ හමුවට එන ඇය නදීෂානී නිලූ‍ක්ෂියි.

මෙ දිනවල වැඩිම වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයක දකින රුව නේද?

හරියටම හරි.

දැන්වීම් කීයකට මේ වෙද්දි පෙනී ඉඳල තියෙනවාද?

වෙ‍ළෙඳ දැන්වීම් ගණනාවකම ඉන්නවා. කොහොමත් අඩුම තරමේ දවසකට පහ හයක්වත් අනිවාර්යෙන්ම ටෙලිකාස්ට් වෙනවා.

ඒ කියන්නේ නදීෂානී කියන්නේ දැන් ප්‍රචාරණ සංකේතයක්?

ඔව්. එහෙම කිව්වත් නිවරැදියි.
ඒ නිසා බර ගාණක් අය කරනවා ඇති නේද?

ඇත්තටම මුදල් කියන දේ නම් කොච්චර හම්බ කළත් අපේ එදිනෙදා වියදම් එක්ක බලද්දි ඉතිරි කරන්න හරිම අමාරුයි. නමුත් එහෙම කියලා මම අසාමාන්‍ය විදිහට අය කරන්නේ නම් නැහැ. බොහොම සාධාරණ මිලක් තමයි අය කරන්නේ.

ආදායම තර කර ගන්නත් වෙළෙඳ දැන්වීම් හොඳ මාර්ගයක්නේ?

ටෙලි නාට්‍ය සහ චිත්‍රපට කියන්නේ දවස ගානේ කෙරෙන දේවල් නෙමෙයි නේ. නමුත් කමර්ෂල්ස් නිතරම හැදෙන දෙයක්. අනෙක වැඩි මහන්සියක් නැතිව මුදල් හම්බ කරන්න පුළුවන් තෝතැන්න තමයි දැන්වීම් කියන්නෙ.

මේ තරම් ඉල්ලූ‍මකට විශේෂ හේතුවක් ඇති?

සරලවම කිව්වොත් ඒ වාසනාව වෙන්නැති. මේ හැම දේටම වාසනාව බලපානවා. ඒකෙන් ජනප්‍රියත්වය සමග තව ලැඛෙන පුමාණය වැඩි වෙනවා.

ඉල්ලූ‍ම වැඩි නිසා ඔබේ සීමා මායිම් වලටත් යටත් වෙන්න වෙනවාලු නේද?

සීමා මායිම් දාගෙන කටයුතු කරන්න තරම් අනවශ්‍ය නිර්මාණ මෙතෙක් ලැබිලා නැහැ. මේ වන තෙක් ලැබුණු හැම දැන්වීමක්ම හරිම වැදගත්. ප්‍රඩක්ට් එකේ ප්‍රමිතිය පවා මම බලනවා. කොහොමත් එහා මෙහා යන දැන්වීම් මම බාර ගන්නේ නැහැ. ඒ නිසා මෙතෙක් ලැබුණු හැම දැන්වීමකටම මම හරිමආසයි.

ඔබ පෙනී සිටි දැන්වීම් අතුරෙන් ඔබ වඩාත් සිත් ගත් දැන්වීම කුමක්ද?

ලාඔජී ඇඩ් එක.

හේතුව?

එහි ලංකාව පුරාම හොල්ඩිංස් සහ පෝස්ටර්ස් තියෙනවා. අනෙක හැමෝම මාව හඳුනා ගත්තේ ඒ ඇඩ් එකෙන්.

නදීෂානී වැඩිපුරම පෙනී සිටින්නේ වයසින් මුහුකුරා ගිය චරිතවලටයි?

ඔව්. ඒ කතාවේ ඇත්තක් තියෙනවා. නමුත් කැරැක්ටර් එකක් බාර ගනිද්දී ලොකුද පොඩිද කියන දේ නෙමෙයි මට වැදගත් වෙන්නේ. අනෙක මාව දැන්වීම් වලට ගන්න බොහෝ දෙනා කියන්නේ මගේ තියෙන්නේ ටීචර් ලූ‍ක් එකක්ලූ‍. මගේ මුහුණේ වෙනස් හැඩයක් තියෙන නිසා නිතරම් වෙනස් මේකප් එකකින් වෙනසක් කරන්නත් පුළුවන්ලු.

හැම දාම පේන කොට කොයි දේකත් වටිනා කම අඩු වෙනවා නේ?

දැනට නම් හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැඛෙන නිසා තවම මාව එපා වෙලා නැහැ. හැබැයි ඉදිරිය කොහොම වෙයිද දන්නෑ.

ටානියා මෝසස්Nadeeshani Nilukshi 1 (3) Nadeeshani Nilukshi 1 (6) Nadeeshani Nilukshi 1 (8) nadeeshani-hiru-gossip-03

The post මම බොහොම සාධාරණ මිලක් තමයි අය කරන්නේ… appeared first on Beauty Girls.

මම සමලිංගික ආදරයකට කැමතියි…

$
0
0

-හොලිවුඩය කළඹන ඇන්ජලීනා ජොලී

සෙල්ලක්‌කාර කෙල්ලො කොල්ලො ඉන්න බටහිර සිනමා ලෝකයේ ඇන්ජලීනා ජොලී තරුණ වයස පසුකරමින් සිටියත් තවමත් එයාට ආදරේ කරන පිරිස අඩුවෙලා නම් නෑ. සිනමාවටත් වඩා මෙරට රූපවාහිනී ප්‍රේක්‍ෂකයන්ට නම් ඇයව අමතක වෙන්න විදිහක්‌ නෑ. මේ වෙනකොට වයස 40 ක්‌ වුනත් තවමත් ඇන්ජලීනා හොලිවුඩ්වල පුවත් මවන චරිතයක්‌. පවුල් පසුබිමෙන්ම සිනමාවට නෑකම් කියන ඇන්ජලීනා තරුණ කාලෙ ඉඳලම හරිම ස්‌වාධීන කාන්තාවක්‌. කිසිම කෙනෙක්‌ එයාගෙ තීරණවලට ඇ`ගිලි ගහනවට එයා කවදාවත්ම කැමති වුණේ නැහැ. ඒක නිසා තමයි වයස අවුරුදු 16 දී එයා පවුලෙ අයගෙන් වෙන්වෙලා වෙනමම පදිංචියට ගියෙ. මුලින්ම අඩුවියදම් සිනමාපටවලින් ක්‍ෂේ්ත්‍රයට පිවිසුනත් පස්‌සෙ කාලෙක ඇය ප්‍රධාන චරිතයක්‌ විදිහට බටහිර සිනමාවට නැතිවම බැරි චරිතයක්‌ වුණා.

නිළියක්‌ නිරූපිකාවක්‌ වගේම චිත්‍රපට නිෂ්පාදිකාවක්‌ වන ඇන්ජලීනගෙ පෞද්ගලික ජීවිතේ ගැනනම් කතා නොකරම බෑ. ජීවිතේ මේ වෙනකොට තුන්පාරක්‌ විවාහ වෙලා තියෙන ඇන්ජලීනා තමන්ගෙ ප්‍රේම සම්බන්ධතා ගැන නම් කතා කරන්නෙ ඒ තරම් පැහැදීමකින් නෙවෙයි.

චි මම මගේ පෙම්වතුන්ට ගොඩක්‌ ආදරේ කළා. එයාලගෙන් මම ගොඩක්‌ ආදරේ බලාපොරොත්තු වුණා. ආදරේ කරන්න මම එයාලත් එක්‌ක පාක්‌ එකට යන්න සූදානම් වෙනකොට එයාලට ඕන වුණේ මගෙත් එක්‌ක ඛෙඩ් රූම් එකට යන්න. මගේ අම්මත් අල්ලපු කාමරේ ඉන්න කොට…

ජොලී මුලින්ම විවාහ වුණේ ජොනී ලී මිලර් එක්‌ක. නමුත් ඒ කසාදෙ සීමාවුනේ වසර හතරකට විතරයි. මේ සම්බන්දෙ ඇතිවුනේ 1995 හැකර් චිත්‍රපටය රූගත කරන අතරතුරේදී. 1999 මිලර්ගෙන් වෙන් වුණු ඇන්ජලීනා ඊළ`ගට නැවතුනේ රංගන ශිල්පී බිලී බොබ් ගාව ඒ අතරතුර එයා මිලර් ගැන මෙහෙම කතාවකුත් කියල තිබුණ.

චි ඇත්තටම මිලර් ගොඩක්‌ හොඳ ස්‌වාමිපුරුෂයෙක්‌. මමත් එයාට ගොඩක්‌ ආදරෙයි. ගැහැනු ළමයි කැමති ගතිගුණ එයා ගාව තියෙනව. නමුත් මේ සියල්ල නවත්වන්න දැන් කාලෙ හරි. විවාහයක්‌ ඉදිරියට ගෙනියන්න තරම් අපි දෙන්නම තවම පරිණත වෙලා නෑ කියලයි මට නම් හිතෙන්නෙ…

ඇන්ජලීනා කියන්නෙ සමලිංගිකත්වයටත් කැමැත්තක්‌ දක්‌වපු කෙනෙක්‌. එයත් එක්‌ක 1997 ෆෝක්‌ස්‌ ෆයර් චිත්‍රපටයේ සහායක චරිතයක්‌ රඟපෑ ජෙනී ෂිම්පු කියන නිළිය එක්‌ක ඇන්ජලීනගෙ සමීප සම්බන්ධයක්‌ තිබුන කියලයි ඒ දවස්‌වල මාධ්‍ය වාර්තා කළේ. මාධ්‍ය ඒ ගැන ඇන්ජලීනගෙන් අහපු වෙලාවෙ එයා කීවෙ මෙහෙම කතාවක්‌.

චි මම බිලී එක්‌ක විවාහ වෙලා නොහිටිය නම්, ජෙනී එක්‌ක සම්බන්ධ වෙන්න දෙපාරක්‌ හිතන්නෙ නෑ. එයාව දැකපු පළමු තත්පරයෙම මට විශේෂත්වයක්‌ දැනුන. ගැහැනු කෙනෙක්‌ මට දැනෙනව නම්, එයාට මගේ හැගීම් තේරුම් ගන්න පුළුවනි නම් සමලිංගික ආදරයක්‌ ගැන හිතන්න මම පස්‌ස ගහන්නෙ නෑ… 2003 දී බොබීගෙන් වෙන්වුණු ඇන්ජලීනා 2004 වසරේදී බ්‍රැඩ් පීට්‌ එක්‌ක විවාහ වුණා. තාමත් දෙන්න එකටයි ඉන්නෙ. ඒ විවාහයෙන් තමයි ඇන්ජලීනාට නිවුන් දරුවන් වගේම තවත් දරුවෙක්‌ ලැබුනෙ. මාඩොක්‌ස්‌, සහරා, ෂිලෝ, පැක්‌ස්‌, ක්‌නොක්‌ස්‌ සහ විවියන් කියන්නෙ එයාගෙ දරු පරපුර. මේ අතරින් තුන් දෙනෙක්‌ එයා අරන් හදාගත්තු අය. පච්ච කලාවට ඇන්ජලීනා ගොඩක්‌ කැමතියි වගේම මත්ද්‍රව්‍යවලට නම් ගොඩක්‌ අකමැතියි.

අමිල නුවන් මධුසංඛ

The post මම සමලිංගික ආදරයකට කැමතියි… appeared first on Beauty Girls.


නිළි කේට් හඳුන්වන නිරුවත…….

$
0
0

විලිසිතා ලොවේ ඉහළ පෙළේ තරුවක් වන කේට් අප්ටන් ඇගේ සාර්ථක ගමනේ රහස මේ වන විට හෙළි කර තිබෙනවා. ඒ පසුගියදා සම්මුඛ සාකච්ඡුාවකට එක් වෙමින්.
පහුගිය අවුරුදු තුනක කාලයේදී ඔබ ස්පොර්ට්ස් ඉලස්ටේ‍්‍රට්, වෝග්, ජීකිව්, එල්ලී, වගේම වැනිටි ෆෙයාර් සඟරාවේ සියවෙනි සංවත්සර කලාපයේ මුල් පිටු සැරසුවා. මේවා පෙන්නලා ඔබට කී‍්‍රඩා සඟරාවන් විකුණන්න පුළුවන් කියලා හිතනවාද?
මට ඉලක්ක ගත පිරිසක් ඉන්නවා, මට වයස 21 යි. එ් වගේම මම ගොඩක් විලාසිතාවන්ට ආසයි. මම හිතන්නේ සාමාන්‍ය ගැහැනු ළමයෙක් විදිටයි. එ් හින්දා එ් අයට මාව ගැළපෙන නිසා මෙහෙම මුල් පිටුවලට පෙනී ඉන්න මට අවස්ථාව ලැබිලා තියෙනවා කියලා හිතනවා.
ඔබට සාමන්‍ය නිරූපිකාවන් වගේ ඉතාම කෙට්ටු සිරුරකට වඩා ජව සම්පන්න සිරුරක් තියෙන නිසාද මේ වගේ කී‍්‍රඩා සඟරාවන්ගෙන් ඉල්ලූමක් තියෙන්නේ ?
මම හිතනවා ඔව් කියලා. මොකද ගොඩක් වෙලාවට නිරූපිකාවන්ගේ සිරුර පරිගණක මගින් යළි සංස්කරණය කරනවා, එ්ක දැකලා ගොඩක් කාන්තාවන් හිතින් දුක් විඳිනවා අනික ගොඩක්ම කෙට්ටු අය පරිගණක මගින් සංස්කරණය කරන එක එච්චර හො`ද නැහැ කියලා හිතනවා.
ඔබට සාමන්‍ය නිරූපිකාවන් වගේ ඉතාම කෙට්ටු සිරුරකට වඩා ජව සම්පන්න සිරුරක් තියෙන නිසාද මේ වගේ කී‍්‍රඩා සඟරාවන්ගෙන් ඉල්ලූමක් තියෙන්නේ ?
මම හිතනවා ඔව් කියලා. මොකද ගොඩක් වෙලාවට නිරූපිකාවන්ගේ සිරුර පරිගණක මගින් යළි සංස්කරණය කරනවා, එ්ක දැකලා ගොඩක් කාන්තාවන් හිතින් දුක් විඳිනවා අනික ගොඩක්ම කෙට්ටු අය පරිගණක මගින් සංස්කරණය කරන එක එච්චර හො`ද නැහැ කියලා හිතනවා.
ඇයි එ් ?
මොකද එයා ඇත්තට එ් වගේ නෙවෙයි එ් නිසා එ් සඟරාව කියවන කෙනා හිතනවා තමනුත් එ් වගේ වෙන්න ඕනේ කියලා. එ්ත් එයා දන්නේ නැහැ නිරූපිකාව ඇත්තටම එ් වගේ නැහැ කියලා. මම මගේ සිරුරට ආදරෙයි මට මගේ සිරුර නිසා විශාල ආත්ම විශ්වාසයක් දැනෙනවා. මම කොයි වගේද කොතනද ඉන්නේ කියලා හරියටම දන්න නිසා.
සිරුර ගැන ආත්ම විශ්වාසය ඉස්සරත් තිබුණාද ?
නැහැ, එ්ත් මම දිරිමත් වුණා වෙනත් කාන්තාවන් නිසා. මොකද අනෙක් කාන්තාවන්ද මේ වගේ තමන්ගේ සිරුර නිසා වි`දපු දේවල් මට ශක්තියක් වුණා. මට ඕනේ වුණා මේ පීඩනය දරාගෙන අවසානයට යන්න. මොනවා වුණත් හැම කෙනෙක්ටම ජීවිතයේත් රැකියාවෙත් අමාරු කාලයන් පහුකරන්න වෙනවා. මම ගෝලීයව මම මේ විවේචනයට ලක්වෙච්ච කෙනෙක්. එ්ත් තාමත් සමහර වෙලාවට සිරුර ගැන කරන විවේචනවලට දුක හිතෙන අවස්ථාවන් තියෙනවා.
විලාසිතා ලෝකයේ ඉහළම තලයේ තියෙන සඟරාවල මුල් පිටු සැරසුවත් කිසිම විලාසිතා සන්නාමයක් වෙනුවෙන් පෙනී ඉන්නවා හෝ සන්නාම තානාපතිවරයකු වශයෙන් කටයුතු කරනවා දැකලා නැහැ. ඔබට එ් ස`දහා ආරාධනා ලැබිලා නැද්ද?ඔබ පුදුම වෙයි මට විලාසිතා සන්නාම හා ප‍්‍රවර්ධන කටයුතුවලට එකතුවෙන්න කියලා ලැබෙන ආරාධනා ප‍්‍රමාණය දන්නවා නම්. එ්ත් අකමැත්තෙන් වුණත් මගේ වෘත්තිය ගමන් ගන්නා වේගයත් එක්ක මට එ් ආරාධනා භාරගන්න බැහැ. මට හැම අතින්ම ඉහළටම යන්න ඕනේ එ්ත් එ් ඔක්කොම එකපාරට කරන්න බැහැනේ. මොනවා වුණත් මම හිතන්නේ විලාසිතා ලෝකයයි මට ගැළපෙන්නේ කියලා.
එ්ත් ඔබ සහභාගි වෙන ඇතැම් වැඩසටහන් නිෂ්පාදන ප‍්‍රවර්ධනය සදහා කරපු වැඩසටහන් නේද ?
සමහර වෙලාවට මම ගොඩක් දෙනා මිලදී ගන්න නිෂ්පාදනවල වැඩසටහන්වලට සහභාගි වෙනවා මොකද මම හිතන්නේ හැම කෙනෙක්ටම මිලදී ගන්න පුළුවන් දේවල් ප‍්‍රවර්ධනය වෙන එක හොදයි කියලයි. මොකද මම ඉස්සර මිලදී ගන්න අමාරු මිල අධික නිෂ්පාදන ඇදුම් ගන්න බැරුව ඉදලා තියෙනවා එ් හන්දාම මට ජනතාවට පෙන්වන්න ඕනෑ කරලා තියෙනවා මිල අධික නැති දේවල්වලින් විලාසිතා කරන්න පුළුවන් කියලා. මම ජනතාව හරි පැත්තට ගෙනියනවා කියලා එ් වෙලාවට හිතෙනවා.
ජනතාව හරි මග ගෙනියන්න ඕනෑ නිසාද ඔබ නිරුවත්ව ඡුායාරූපවලට පෙනී ඉන්නේ නැත්තේ? මොකද ප‍්‍රකට නිරූපිකාවන් වෙන කේට් මෝස් නයෝමි කැම්ප්බෙල් වගේ අයත් නිරුවත්ව ඡුායාරූපවලට පෙනී ඉදලා තියෙනවා
ඇත්තටම මට එ් ඡුායාරූප උසස් කලා නිර්මාණ. මොකද ඔබේ සිරුර කලා නිර්මාණයක්, ඇත්තටම ඡුායාරූපවලට එ් විදිහට පෙනී ඉදීම ඉතාම කලාත්මකයි. එ්ක මම ඉතාම ධනාත්මක විදිහටයි බලන්නනේ, අන්තර්ජාලයේන සමාජ වෙබ් අඩවි මගින් එ් ඡුායාරූපවලට එ් වගේ අර්ථයක් ගෙන එන එක වළක්වා තියෙනවා. එ් වගේ ඡුායාරූප අන්තරජාලය පුරා පැතිරෙනවා. එ්ත් එ් වගේ මගේ ඡුායාරූප ප‍්‍රචලිත වෙනවාට අකැමැති නිසායි මම එ් වගේ නිර්මාණවලට පෙනී ඉන්නේ නැත්තේ. ඇත්තටම මම එ් නිර්මාණවලටත් එ් අයත් ගොඩක් දක්ෂ කලාකරුවන් එ්ත් සමාජ වෙබ් අඩවි අන්තර්ජාලය නිසා මම එ් වගේ නිර්මාණයකට සම්බන්ධවෙන එක වළක්වනවා.
මුළු ලෝකයම වගේ ඔබට සරාගී කාන්තවක් හැටියට හදුන්වද්දී මොකද හිතෙන්නේ?
මම කොතනින්ද පටන් ගත්තේ මොනවාද මේ වෙනකොට ලබාගෙන තියෙන්නේ කියන දේ ගැන මම ගොඩක් සතුටුවෙනවා. එ්ත් මම මගේ වෘත්තියේ ඉදිරියට නියැළෙද්දී කට්ටිය දකී මට කරන්න ගොඩක් දේවල් තියෙනබව. එ්ත් මට ඕනේ කරන දේ හරියට කරන්නයි. එ්කයි මම මගේ කාලය අරගෙන වැඩ කරන්නේ. මොකද මම මගේ ගමන ඉවසිලිවන්තව යනවා.

The post නිළි කේට් හඳුන්වන නිරුවත……. appeared first on Beauty Girls.

Animals’ Fashion show….

$
0
0

වික්ටෝරියාගේ SECRET FASHION SHOW එක මෙම වසරේ(2015) විවිධ සතුන්ගේ තේමාවන් යටතේ නිර්මාණය වී ඇති අපූරුව බලන්න..

The post Animals’ Fashion show…. appeared first on Beauty Girls.

කොල්ලො අකමැති කෙල්ලන්ගේ විලාසිතා

$
0
0

කෙල්ලෝ ලස්සනට අඳින්න පළදින්න කැමතියි කියන දේ රහසක් නෙවෙයි. ඒ වගේම වෙන කෙල්ලෙක්ගෙ ඇඳුමක, කොණ්ඩ මෝස්තරයක වගේම MAKE UP එකේ පොඩි වැරද්දක් වුනත් ටක් ගාලා අඳුනගන්න කෙල්ලොන්ට යන්නේ බොහොම පොඩි වෙලාවක්. කෙල්ලෝ එහෙමයි. එතකොට කොල්ලෝ? FASHION ගැන, කොටින්ම කිව්වොත් ‘ගෑණුන්ගේ දේවල්’ ගැන මෙලෝ හසරක් නොදන්නවා කියන කොල්ලොන්ටත් කෙල්ලොන්ගේ ඇඳුම්වල, පෙනුමේ තියෙන අඩු පාඩු මොනවද කියල පේනවද?? උත්තරේ ඔව්, කොල්ලොන්ටත් ඒ වගේ දේවල් හොඳට පේනවා. කෙල්ලන් කරන විලාසිතා වලින් එයාලා අකමැතිම දේවල් 10ක් තමයි පහලින් තියෙන්නේ. බලන්න මේවා ඔයාලටත් අදාලද කියල.

1
පමණට වැඩි විලවුන් සුවඳ
මතක තබා ගන්න ගණනින් ඉතාම වැඩි වගේම ගණනින් ඉතාම අඩු විලවුන් භාවිත කරන විට ආලේප කළ යුත්තේද ඉතාම අල්ප ප්‍රමාණයක්. ගෙල ප්‍රදේශයේ, කණට පිටුපස, මැණික් කටු වල බිංදුව බැගින් විලවුන් ආලේප කළාම හොඳටම ඇති.

2
අඳුරු පැහැ ගැන්වුණ දෙතොල්
තොල් ආලේපන තෝරාගැනීම හා නිසියාකාරව භාවිතා කිරීම වැදගත්. මොකද lip liner pencil එක එහෙම හරියට භාවිත නොකළොත් දෙතොල් ඉතාම අවලස්සනටයි පෙනෙන්නේ. ඒ නිසා තොල් ආලේපන තෝරාගැනීමේදී තමන්ගේ තොල් වල වර්ණයට ආසන්න වර්ණයක් තෝරාගත යුතුයි

3
හැඩ වැඩ වීම පිලිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීම
කෙල්ලෝ හැඩ වැඩ වෙන්න, ආකර්ෂණය දිනාගන්න පාවිච්චි කරන උපක්‍රම ගැන කොල්ලෝ සැලකිලිමත් වෙන්නෙ නෑ. ඒ නිසා රූපය රැක ගන්න නිවසේදී කරන දේවල් ගැන පුරාජේරු නොදොඩා සිටීමත් වැදගත්

4
අධික ලෙස වියළි සහ තෙල් සහිත සම
තෙල් සහිත මුහුණු වලට වගේම පමණට වඩා වියළී ගොස් හානි වී ඇති සමක් ඇති කෙල්ලොන්ගේ දර්ශනය කොල්ලොන්ට කොහෙත්ම ආකර්ෂණීය වෙන්නේ නෑ.

5
බාහිර ශරීර පෙනුම පිලිබඳ සැලකිලිමත් නොවීම
මනාව නඩත්තු නොකරන අපිරිසිදු නිය, රෝම වලින් පිරී ඇති පාද සහ අත් යට ප්‍රදේශ ඇති කෙල්ලොන්ටත් කොල්ලෝ කැමති නෑ. තමන්ගේ සනීපාරක්ෂාව ගැන පිලිබඳ සැලකිල්ලක් නොදැක්වීම make-up වලින් වත් ලස්සන ඇඳුම් පැළඳුම් වලින්වත් හංගන්න බෑ කියන එක කෙල්ලෝ තේරුම් ගන්න ඕනි.

6
කහ පැහැති දත් සහ හුස්ම ගන්න විට හමන දුර්ගන්ධය
මේ ගැටළු දෙකටම බොහෝ දුරට හේතුව වන්නේ තමන්ගේ සනීපාරක්ෂාව ගැන සැළකිලිමත් නොවීම. දුම් පානය කිරීමත් එක හේතුවක්. ඒ වගේම සමහර විට තේ, කොපි, රතු වයින් වගේ බීම පානය කරන ප්‍රමාණය අඩු කිරීමෙනුත් මේ ගැටළු යම් තාක් දුරකට වලක්වා ගන්න හැකියි.

7
පමණට වැඩියෙන් eye glitter ආලේප කිරීම
හැම කෙල්ලම වෘත්තීය මට්ටමේ අංග රචනා ශිල්පීන් නෙවෙයි (make-up artist). ඒ නිසා හැකි සෑම විටම සාමාන්‍ය විදිහට eye shadows භාවිත කරනවා නම් තමයි හොඳ (matte shadows).

8
පමණට වැඩියෙන් මස්කාරා ආලේප කළ ඇසි පිහාටු
පමණට වඩා මස්කාරා ආලේප කළ ඇසි පිහාටු එකට ඇලෙනවා පමණක් නෙවෙයි ඇසි පිය සලන විට ඒ ප්‍රදේශය අවට මස්කාරා තැවරෙන්නත් හේතු වෙනවා. ඒ නිසා ඉක්මනින් වියළෙන, උසස් තත්වයේ මස්කාරා වර්ගයක් ආලේප කිරීමට කෙල්ලන් වගබලා ගැනීම වැදගත්. මතක තියාගන්න කොල්ලෝ ආසයි ලස්සන, හැඟීම් දනවන සුළු ඇස් වලට. හැබැයි ඒ ඇස්වල ඕනෑවට වඩා මස්කාරා වගේ ආලේපන තියෙන්න බැහැ.

9
ඕනෑවට වැඩි Make Up සහිත මුහුණ
Foundation cream එකක් පාවිච්චි කරන්නේ මුහුණේ තියෙන ලප කැළැල් වගේ මුහුණ අවලස්සන කරන්න සමත් වෙන ලක්ෂණ වහන්න. හැබැයි foundation cream ඕනෑවට වැඩියෙන් මුහුණේ ආලේප කරන එකට කොල්ලෝ කැමතිම නැහැ. ඕනෑවට වැඩියෙන් වගේම සමේ පැහැයට නොගැලපෙන foundation cream ආලේප කිරීම නිසා වෙස් මුහුණක් පැළඳගෙන ඉන්නවා වගේ පෙනුමක් ඒම තමයි ඒකට හේතුව.

10
ඕනෑවට වැඩි කොණ්ඩ මෝස්‌තරය
කෙල්ලෝ හිතනවා හිස කෙස් එහෙට මෙහෙට අඹරලා හැඩ වැඩ දාලා එක එක ජාතියේ පාට පාට කටු එහෙම පැළඳ ගන්න එක අමුතු ලස්සනක් ගෙනේවි වගේම අනිත් අයගේ ආකර්ෂණය, අවධානය දිනාගන්නත් සමත් වේවි කියල. අවධානය නම් කොහොමත් ලැබෙනවා. හැබැයි කොල්ලෝ ඒ වගේ දේවල් වලට කැමති නැහැ. එයාලා කැමති පිළිවෙලකට ගැට ගහල තියෙන වරලසකට හරි ඔහේ මුදා හැරලා තියෙන, සිනිඳු, දිදුලන කෙස් කලඹකට හරි.

The post කොල්ලො අකමැති කෙල්ලන්ගේ විලාසිතා appeared first on Beauty Girls.

උදාරි වර්ණකුලසූරියගේ Bridel Shoot

සනීගේ බිකිනි විලාසිතා 27

$
0
0

ඉන්දියානු නිළියක් වන සනී ලියොන් Mastizaade චිත්‍රපටය හරහා ජනතාව අතරට එන්න හදනවා.

මේ චිත්‍රපටයේ විනාඩි 119කදී සනී බිකිනි විලාසිතා 27කින් සැරසෙන අතර එහි සනී චරිත දෙකක් නිරූපණය කරනවා.

කොහොම වුනත් සනී ලියොන් මේ චිත්‍රපටයේ රගපාන්න විතරක් ඉන්දීය රුපියල් කෝටි 30ක් අයකරන බවයි ආරoචිය.

The post සනීගේ බිකිනි විලාසිතා 27 appeared first on Beauty Girls.

අලුත්ම සාරි trend එක…

$
0
0

මේ දවස් වල අලුත්ම සාරි trend එක ගැන දැනගන්න කැමතිද?යාර 6ක් පුරාම දිවයන සිල්ක් සාරිය ඇත්තෙන්ම ශ්‍රිලංකාවේ වගේම මුළු ආසියාතිකරයේ කාන්තාවන්ගේ වඩාත්ම දර්ශනීය වගේම fashionable option එක කිව්වොත් නිවැරදියි…ලංකාවේ අපට ගැළපෙන ආකාරයේ නවතම සාරි trend එක ගැන වගේම wedding season එකට හරියටම හරියන සාරි designs කිහිපයක් ගැන අද අපි කතාකරමු…

වෙල්වට් borderය සහිත සාරිය
අනිවාර්යයෙන්ම මේ දවස්වල hotම trend එක මේ වෙල්වට් borderය සහිත සාරියයි. මේ ආකාරයේ සාරි වඩා දර්ශනීය පෙනුමක් ගෙනඑන අතර විසිතුරු වෙල්වට් blouse එකක් හෝ තරමක් විශාල වර්ගයේ ආභරණ පැළඳීමෙන් ඔබේ පෙනුම තවත් සුරූපී කරගත හැකියි…

නුතන යුගයේ නිර්මාණාත්මක සාරි
තරමක් නුහුරු වුවත් මේ ආකාරයේ කැපීපෙනෙන සාරියකින් සැරසෙන්න බයවෙන්න එපා.වෙනස්ම ආකාරයේ රැළි සැකසීම් සහ වෙනස්ම වර්ණයන් මෙන්ම එකිනෙක මුසු වූ වෙනස් materials මෙම විලාසිතාවට අයත්.ඉන් ඔබට ලැබෙන්නේ අති නවීන පෙනුමක්…
Simple ෂිෆොන් සාරි
ඔබත් සොයන්නේ classy පෙනුමක් නම් මේ සාරි වර්ගය ඔබට කදිමයි.තනි වර්ණයේ හෝ අඩුවෙන් වැඩ දමා අලංකාරවත් කරන ලද සැහැල්ලු ෂිෆොන් සාරිය වැඩියෙන් සරසා ඇති විසිතුරු blouse එකක් සමඟින් හොඳින් මුසු වෙනවා.මේ ආකාරයේ classic සාරි trend එක අද වනවිට තවත් ප්‍රචලිත වෙමින් පැවතීමද විශේෂත්වයක්…
පල්ලුව සහිත ඉතා තුනී සාරි
Tulle, නැතිනම් ඉතා තුනී ආකාරයේ මෙම සාරි වර්ගය මෙම වකවානුවේ සාරි trend එකේ සුවිශේෂී අංගයක් බවට පත්වෙලා.සුසිනිඳු තුනී පල්ලුවකින් හෝ සායකින් යුතු මෙම සාරිය weddings වලට වගේම grand occasions වලටත් ඉතා හොඳින්ම ගැළපෙන නවීනතම විලාසිතාවක්….
Flared skirt සාරිය
හැමදාම සුපුරුදු රැළි සහිත සාරි විලාසිතාවෙන් හැඩවෙලා ඔයාලටත් boring ද?ඒ නිසාම ඔබ සොයන්නේ තවත් fashionable outfit එකක් නම්,මේ විලාසිතාව ඔබට නියම විසඳුමක් වේවි. Flared skirt එකක් එහෙමත් නැතිනම් පුළුල්ව විහිදී ගිය රැළි සහිත සායක් සමඟින් එන මෙම ආකර්ශනීය සාරි විලාසිතාව made up සාරි විලාසිතාවක්.ඒ නිසාම ඉන් හැඩවීම ඉතාමත් පහසු වුවත් අතර ඉන් ලැබෙන පෙනුම සැබැවින්ම උත්කර්ෂවත්…

The post අලුත්ම සාරි trend එක… appeared first on Beauty Girls.

හැඩකාරබව වැඩිකරන සල්වාර් විලාසිතාවක්

$
0
0

ලලනා ලාලිත්‍ය හරි අපූරුවට ඔප් නංවන්නට සල්වාර් විලාසිතාවට පුළුවන්. බලන්න මේ සල්වාර් විලාසිතාව යුවතියකගේ සිරුරේ හැඩය ඔප් නැංවෙන ලෙස නිර්මාණයකර තිබෙනවා නේද කියලා. වෙළෙඳපොළේ වටිනාකමෙන් ඉහළ මේ වගේ ඇඳුමක් ඔයාලටම මසාගන්න පුළුවන්නම් එය ඔබේ සිතටත් ලොකු ආඩම්බරයක් වේවි.

මෙය මසා ගැනීමේ දී පළමුවෙන්ම ඔබේ ශරීරයේ ප්‍රමාණය අනුව මිමි ලබාගන්න. පසුව එම මිමි භාවිතකර රෙද්ද මත එය ඇඳගත යුතුයි.

ඉදිරි පළුව

පළමුව මූලික ඉදිරි පළුව පිටපත්කර කර AB ලෙස නම් කරන්න. කිහිලිකට C ලෙස නම් කරන්න. ඉණ DE ලෙස නම් කරන්න. D සිට පහළට උකුළ උස ගෙන F යොදා F සිට තිරස් අතට උකුළ පළල ගෙන අඟල් 1/2 ක් එකතුකර ට් යොදන්න. නැවත D සිට අවශ්‍ය සාය උස ගෙන H යොදන්න. H සිට තිරස් අතට උකුළ පළලට අඟල් 1 1/2 ක් එකතුකර බ් යොදන්න. දැන් ඡායාරූපයේ පෙනෙන ආකාරයට JGE යාකර පැත්තේ හැඩය ඇඳගන්න. C සිට අඟල් 1/2 ක්, පහතට සහ පිටතට කිහිලි කටින් ගෙන, අලුත් කිහිලි කට සහ පැත්තේ මැස්ම සම්පුර්ණ කරගන්න.

අවශ්‍ය නම් ඉණ හැඩ මැස්ම මසාගන්න. එය මසන්නේ නැතිනම් E සිට ඉණ රේඛාව, එනම් DE අඟලක් ඇතුළට D දෙසට ගෙන පැත්තේ මැස්ම හැඩකර ඡායාරූපයේ දැක්වෙන ආකාරයට ඇඳගන්න. ඒ සිට කර විවරයට අවශ්‍ය ප්‍රමාණය තබා ගන්න. සායෙහි දෙපැත්තෙන් අඟල් 6 ක පමණ විවරයක් තබාගන්න. කර විවරයට බොත්තම් හෝ, පයිපිං එකක් අල්ලා අලංකාර කරගන්න. ඉදිරිය නැම්මට තබා කපා ගන්න.

පිටුපස පළුව

පිටුපස පළුව ද ඡායාරූපයේ පෙනෙන ආකාරයට ඇඳ ගත යුතුය. පිටුපස පළුවේ මැදින් එනම්, D ලක්ෂ්‍යයේ සිට ඉහළටත් පහළටත් බෙදී යන සේ ලඪන (සිප්) එක අවශ්‍ය දිගට අල්ලාගන්න. ඡායාරූපය දෙස බැලීමේදී එය ඔබට පැහැදිලි වේවි.

කොළරය

ඉදිරි කර සහ පිටුපස කර එකතුකර එම දිගටත් අඟලක පළලටත් කොටුවක් ගසා A, B, C, D ලෙස නම්කර C සිට පහතට සහ ඇතුළට අඟල් 1/2 ක් බැගින් ගන්න. D සිට ඉහළට අඟල් 1/4 ක් එකතු කරන්න. දැන් ඡායාරූපයේ පෙනෙන ආකාරයට කොළරයේ හැඩය ඇඳගන්න. AB රෙද්දේ නැම්මට තබා කපාගන්න.

අත

පළමුව මූලික අත පිටපත්කර ඡායාරූපයේ පෙනෙන ආකාරයට ඒ සිට අතේ දිග ගෙන ඕ යොදා අතවට ගෙන දෙකට බෙදා EF යොදන්න. ඒ සිට දෙපසට කිහිලිකට මැන ලැබෙන පිළිතුර ගෙන CD යොදා රූපයේ පෙනෙන සේ ඇඳගන්න.

කලිසම

උකුළ / 3+3 = AB

උකුළ / 3+1 = Cඒ

දණහිස තෙක් උස (ඒE) ලෙස ගෙන එතැන සිට වට මැන දෙකෙන් බෙදා EF ද, ඒ සිට පහතට අඟල් 3/4 ක් උස මැන ඒට් ලෙස ගෙන එතැන සිට වට මැන දෙකෙන් බෙදා GH ද නැවත A සිට පහතට සම්පූර්ණ උස ගෙන AI ලෙස ගෙන එතැන සිට වට මැන දෙකෙන් බෙදා IJ ද ලකුණු කරන්න.

පාදයේ පහළට එන පටිය

ඒ සඳහා කකුල වට මැන පහළින් එම දිගටත් අඟල් 1 1/2 ක් උසටත් සිටින සේ කොටුවක් ගසාගන්න. යට කොටසෙහි වාටිය රැලි මැස්මක් යොදා රැලිකර පටියට අල්ලාගන්න.

shalvar-2-0127

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

green-chanderi-cotton-churidar-kameez-800x1100

 

 

 

 

 

 

 

 

 

උදයංගනී ලියනආරච්චි

The post හැඩකාරබව වැඩිකරන සල්වාර් විලාසිතාවක් appeared first on Beauty Girls.


අලුත්ම “හීල්” විලාසිතා එක්ක හැඩවෙලා බලන්න…

$
0
0

දෙපා සනසන දෙපා සරසන පාවහන් තරුණියකගේ හැඩ රුවට ආශීර්වාදයකි. කාලයේ තාලයට මැවෙන මෙවැනි පාවහන් අපූරු හැඩ, මෝස්තර ගණනාවකින්ම යුක්තයි.

පොයින්ට් හීල්, ක්ලෝත් හීල්, වෙජ් හීල්, ඩච් හීල් මෙන්ම කෝෂ් ෂූස් යන පාවහන් මෝස්තර ඒ අතර වේ.

මේ අතරින් අලුත්ම ට්‍රෙන්ඩ් එක වන්නේ “ක්ලෝත් හීල්” විලාසිතාවයි.

මෙය තමන්ගේ රුචිකත්වය පරිදි ඕනෑම රෙදි වර්ගයකින් තෝරා ගන්න පුළුවන්. ඒ අතර බතික්, මල්, කොටු, ඉරි හැඩතල මුද්‍රිත රෙදිවලින් යුත් ක්ලෝත් හීල් අලුත්ම මෝස්තරය දැන් වෙළෙඳපොළේ අලෙවියට තිබේ. මෙහි අඩිය ඉක්මනින් ගෙවී යන්නේ නැත. අඩිය කිසිසේත් ගැළවෙන්නේ ද නැත. ශක්තිමත් නමුත් කකුලට වැඩි බරක් ද නොවේ. එබැවින් මෙය ඉතාමත් සැහැල්ලු පාවහන් යුගලකි. දිගු කාලයක් පැලඳ සිටින්නත් හැකියි. සාරියට, කලිසමට, ත්‍රී ක්වාටර්, කෙටි සායට යන ඕනෑම ඇඳුමකට ගැළපේ. මිලෙන් රු. 1000 සිට ඉහළට තිබේ.

මංගල ගමනට, දෙවැනි ගමනට, මධු සමයට යන යුවතියට හැඩවිය හැකි “පොයින්ට් හීල්” විලාසිතාව කා අතරත් ජනපි‍්‍රයයි. ඒ සමඟින් ඩිසයින්, කෝට් ෂූස්, ප්ලැට් ෂූස් යන ඒවා දෙවැනි මනාලියට, මල් කුමරියන්ට ගළපා ගන්නත් පුළුවන්. මේවා සාරියේ වර්ණයට විවිධ හැඩවලින් තෝරා ගත හැකියි. පොයින්ට් හීල් අඟල් 1/2 සිට අඟල් 5 1/2 දක්වා උස ප්‍රමාණයකින් ලබා ගන්න පුළුවන්. මිලෙන් රු. 850 ක් වේ.

“ප්ලැට් ෆෝම්” ඩිසයිනර් එකටත් යුවතියන් අතර ඉහළ ඉල්ලුමක් පවතී. මෙහි පිටුපස අඩිය උස ප්‍රමාණයටම ඉදිරිපසින් ද උස වැඩි වීමක් දක්නට ලැබේ.

“ඩච් හීල්” පාවහන් හි පිටුපස අඩිය උස නමුත් ඉදිරිපසින් අඩිය ප්ලැට් ස්වරූපයක් ගනී.

මේවාට බකල්, ඉලාස්ටික්, පටි ඇල්ලීමෙන් ඔබට පැලඳීමට පහසුයි.

“වෙජ් හීල්” පාවහන් සාරියට විශේෂයි. පැලඳීම ඉතා පහසුයි. කකුලට දාඩිය දමන අය වෙනුවෙන්ම සැකසුවකි.

ඔබ මේ කුමන පාවහන් යුගලක් ගැන හිතුවත් ඔබට වඩාත්ම ගැළපෙනම දේ තෝරා ගන්නට උත්සාහ කරන්න.

The post අලුත්ම “හීල්” විලාසිතා එක්ක හැඩවෙලා බලන්න… appeared first on Beauty Girls.

ඔපවත්, සුසිනිඳු වගේම Straight කොණ්ඩයක් සඳහා Guide එකක්…

$
0
0

ඔබගේ මනස්කාන්ත බවින් අඩු කොණ්ඩය නිසා ඔබ වෙහෙසට පත්වෙලාද? නිරෝගීමත්,දඟකාර ,දීප්තිමත් straight කොණ්ඩයක් ඔබට හීනයක් වෙලාද?කොහෙත්ම නැහැ…සුළු උපකරණ කිහිපයකින් සහ නිෂ්පාදන කිහිපයකින් පමණක් ඔබට ඒ හීනය හැබෑ කරගන්න පුළුවන්.කැරළි සහිත හෝ straight වර්ගයේ කුමන කොණ්ඩයකින් ඔබ මේ මෙහෙයුම ආරම්භ කලත් ප්රතිඵලය නම් ,ඔබ මනා පෙනුමකින් යුතු කොණ්ඩයක හිමිකාරියක් වීමයි…

01. සල්ෆේට් රහිත නිෂ්පාදන පමණක් භාවිතා කරමින් ඔබේ කොණ්ඩය සෝදන්න.. Condition කරන්න…
සල්ෆේට් වලින් වැළකීමෙන් ඔබේ වරලස frizzy look එකක්, එහෙමත් නැතිනම් කැරළි සහිත වියවුල් බවකින් වළක්වාගැනීමට වගේම කෙස් ගස් පැලීමෙන් සහ හානි වීමෙන් වළක්වා ගන්න පුළුවන්.ඔබ දැන් වෙනත් ක්රියාකාරී shampoo එකක් වෙත ගමන් කරන්න පුළුවන්..නමුත් එය අමතර ප්රයත්නයක්ම විතරයි. Alcohol ද ඔබේ කොණ්ඩය වියළි බවට පත් කරනවා.ඇත්තෙන්ම නරකයි… බොහෝවිට වැදගත් වන්නේ සල්ෆේට් භාවිතයෙන් ඈත් වීමයි.නමුත් ඔබට හැකිනම් සල්ෆේට් සහ Alcohol යන දෙකෙන්ම වළකින්න…

02. තුවා භාවිතය …
බොහෝ අය වැඩිපුර නොහිතන දෙයක්.නෑමෙන් පසුව සාමාන්ය තුවායක් භාවිතයෙන් ඔබේ කොණ්ඩය පිසදමන්න එපා.සාමාන්ය තුවා රෙද්දක ඇති ඉතා කුඩා fibers,එහෙමත් නැතිනම් තන්තු කොටස් ඔබේ කොණ්ඩයට frizzy look එකක් ගෙන දෙන්න පුළුවන්.ඒ වෙනුවට හරිම පහසු දෙයක් ඔබට අනුගමනය කරන්න පුළුවන්.ඔබේ පැරණි T-shirt එකක් හෝ ඔබට සොයා ගැනීමට හැකි නම් microfiber towel එකක්,එහෙමත් නැතිනම් කුඩාම තන්තු වලින් සකස් වූ තුවායක් මගින් කොණ්ඩය පිසදැමීම පහසුවෙන් කල හැකියි.නමුත් තවත් දෙයක් මතක තියාගන්න.පිසදැමීමේදී ඇතිල්ලීම හෝ තදින් ඇදීමත් සුදුසු වන්නේ නැහැ…

03. කොණ්ඩය පීරීම…
තවත් විශේෂිතම කරුණක්.දැති ඈතින් පිහිටි පනාවක් තමයි කොණ්ඩය පීරීමට සුදුසුම පනාව. Brush එකක් නම් කොහෙත්ම සුදුසු නැහැ.තෙත සහිත කෙස් අග සිට මුලට පීරීම සුදුසුම ක්රමයයි.පීරීම සිදු කරන අතරතුර conditioner ගල්වන්න.පසුව කොණ්ඩයට conditioner හොඳින් මුසු වන ලෙස සෙමින් පිරිමදින්න.නමුත් කෙස්ගසේ මූලයේ සිට අඟල් දෙකක් පමණ කොටසක් මඟ හැර, එසේ නැතිනම් හිස් කබලේ ගෑවීමකින් තොරව conditioner ආලේපය වැදගත්. Conditioner ආලේපය හොඳින් පැතිරීයාම සඳහා ඔබේ කොණ්ඩය පනාවෙන් කිහිපවරක් හොඳින් පිරිමදින්න…

04. උණුසුම්කරණයෙන් ආරක්ෂාව සැපයීම
Blow dry හෝ straight කිරීමෙන් කොණ්ඩයට සිදුවන හානිය සම්පූර්ණයෙන් වැළක්වීමේ හැකියාවක් Heat protectants එහෙමත් නැතිනම්, උණුසුම්කරණයෙන් ආරක්ෂාව සපයන ද්රව්යයන්ට නැහැ.නමුත් ඉන් එම හානිය සීමා කිරීමක් සිදු කල හැකියි.එබැවින් උණුසුම්කරණයෙන් ආරක්ෂාව සපයන ඔබේ නිෂ්පාදනය මුළු කොණ්ඩය මතට Spray කරන්න. කොණ්ඩයේ මතුපිටට වගේම ඇතුළත කොටසටත්… (මෙය වඩා පහසුවෙනවා ඔබ ඔබේ හිස පහතට කර සහ නැවත ඉහළට ඔසවා spray කිරීම මගින්)

05. Blow Dry කිරීම.
රූපසටහනේ දැක්වෙන ආකාරයේ round brush එකක් මේ සඳහා ඉතාම සුදුසුයි.කොටස් වශයෙන් බෙදා ගත් කෙස් කොටස් ගෙන blow dryer එක මදක් ඇලකොට round brush එක ආධාරයෙන් blow dry කිරීම සිදු කරන්න.මුල සිට අග දක්වාම කොටස් වශයෙන් blow dry කිරීම සිදු කර නිමා කරන්න…

06. අයන් කිරීම …(අවශ්යනම් පමණක්.)
තවමත් ඔබේ කොණ්ඩයේ පිම්බුණු ස්වභාවයකින් යුතු කෙස් කොටස් වේ නම් ඊට කදිම විසඳුම අයන් කිරීමයි. උණුසුම්කරණයෙන් ආරක්ෂාව සපයන ඔබේ නිෂ්පාදනයෙන් මදක් කොණ්ඩය මතට spray කිරීමෙන් පසුව flat අයන් එකක් එහෙමත් නැතිනම් පැතලි අයන් එකක් මගින් මෙය සිදු කල හැකියි.කුඩා කොටස් ලෙස වෙන්කරගත් කෙස් කොටස් කෙස් ගස මුදුනේ සිට පහලට ඉතා සෙමින් අයන් කිරීමෙන් වඩා නිමාවෙන් යුතු කොණ්ඩයක් ඔබටත්…

07. අමතර ආලේපයකින් ඔබේ මෙහෙයුම නිමා කරන්න… (අවශ්යනම් පමණක්)
මෙවැනි දිගු සත්කාරයකින් පසු මනා සෘජු පෙනුමක් එහෙමත් නැතිනම් straight look එකක් ඔබේ කොණ්ඩයට ලැබෙනවා සහතිකයි.නමුත් එය දවස පුරා එලෙසින්ම තබාගැනීම තීරණය වන කරුණු කිහිපයක් තිබෙනවා.ඔබේ කොණ්ඩයේ ස්වභාවය,එහි දිග වගේම ඔබ සිටින ස්ථානයත් ඉන් ප්රධානයි.නමුත් straight look එකට දිගුකාලින පෙනුමක් ලබාදීමේ හැකියාවක් නැතුවම නොවෙයි.. Anti-humidity (වියවුල් සහිත පෙනුම වළක්වාලන) ක්රීම් වර්ග, spray වර්ග මෙන්ම Styling cream, Shine spray ඊට කදිමයි.නමුත් hairspray නම් තහනම්…

නීරෝගිමත් ,දිදුළන ,දඟකාර කොණ්ඩයකින් ඔබට නව ජීවයක්…

The post ඔපවත්, සුසිනිඳු වගේම Straight කොණ්ඩයක් සඳහා Guide එකක්… appeared first on Beauty Girls.

දීප්තිමත් හිනාවකට ද ඔයාලගේ කැමැත්ත?

$
0
0

සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා…කතාවට එහෙම කිව්වට,ඇත්තටම හිනාව කියන්නේ කෙනෙක් වෙනුවෙන් අපේ ඇස් ඉක්මනින්ම ඇදිලා යන හරිම attractive point එකක් නේද?නමුත්,ඇත්තෙන්ම ඔයා හිතන පතන විදියට ඔයාගේ හිනාව දීප්තිමත් නොවුනොත්, ඒක ටිකක් හිතට අමාරු කාරණයක් වෙනවා.ඒ වුනත්,worry වෙන්න දෙයක් නැහැ.පොඩි පොඩි beauty tips කිහිපයකින් ඔයාලගේ ඒ ප්‍රශ්නෙටත් උත්තර හොයාගන්න පුළුවන්…ඒ කියන්නේ වඩාත් සුන්දර දීප්තිමත් හිනාවක්.

01. නිවැරදි වර්ණයෙන් යුතු ලිප්ස්ටික් භාවිතය

ඔයාලා notice කරලා තියෙනවද,කහපාට shirt එකක් ඇන්දම ඒකෙන් reflect වෙන පාට අපේ සමට වැටිලා ලස්සන කහපාටක් අපේ මුහුණටත් ලැබෙන ආකාරය?ඇත්තටම,ලිප්ස්ටික් එක අපිට දෙන්නෙත් අන්න ඒ ආකාරයේම දීප්තිමත් වෙනසක්.ලිප්ස්ටික් පැහැය ඔබේ දත් සමඟ එක්වෙලා නිර්මාණය කරනු ලබන වෙනස ඇත්තෙන්ම අත්හදා බලන්නම වටිනවා.ඔබ සාමාන්‍යයෙන් රතු පැහැ ලිප්ස්ටික් භාවිතා නොකරන්නෙක් නම්,ඒ වෙනුවට රෝස වැනි පැහැයන් අත්හදා බලන්න.මෙම පැහැයන් ඔබේ දත් දෙපල වඩා දීප්තිමත් මෙන්ම සුදු පැහැයෙන් ද බබළවනවා…දීප්තිමත් හිනාවකට ඒක හොඳ ලකුණක්.

02. ඔබේ දෙතොලට ප්‍රමුඛත්වයක් ලබාදෙන්න

ඔයාලගේ දෙතොලට lip liner එකක් වගේම gloss එකක් ද භාවිතා කරන්න.ඒ වගේමයි දෙතොල වටා එහි හැඩය ඉස්මතු වන පරිදි light concealer එකක් භාවිතා කිරීමත් ඔයාලගේ දෙතොල කැපී පෙනෙන ආකාරයට සකස් කරගැනීමට උදව් වෙනවා. මෙයින් ඔබේ දෙතොලට වඩා පිරුණු බවක් මෙන්ම දෙතොලේ වර්ණයට සාපේක්ෂව දත් දෙපළට සුදෝසුදු බවක් ද ලබාදෙනවා.

03. හරියටම හරියන Eye shadow එක තෝරාගන්න

Eye makeup එකේදී දම්, කොළ සහ නිල් වැනි පැහැයන්ගෙන් යුතු cool shades තෝරාගන්න.ඇසිපියන් මත ගල්වා ඇති මෙවැනි වර්ණයන් දත්වල අවපැහැයන් වෙනතකට හරවාලීමට උපකාරිවෙනවා.ඒ වගේමයි, නියමාකාරයෙන් ඔබේ දෑස් මත අපූරු මායාවන් ඇතිකිරීමට ද මේ පියවර කදිමයි.

04. පළතුරු සහ එළවළු කෑමට ගැනීම තවත් වැඩි කරන්න

ස්ට්‍රෝබෙරි වැඩිපුර කාලා දීප්තිමත් හිනාවක් හිමිකරගන්න.එය ඔබේ දත් සුදෝසුදු කිරීමටත්,දීප්තිමත් කිරීමටත් හොඳ උපක්‍රමයක්. ස්ට්‍රෝබෙරි කියන්නේ ඇත්තෙන්ම දත් සුදු කරන ස්වභාවික පෝෂණඅංගයක්.එහි අඩංගු විටමින් C සහ ස්වභාවික කහටමය මූලද්‍රව්‍යයන් දත් මැලියම් වලින් ආරක්ෂා කිරීමටත්,දත් වල පැල්ලම් ඉවත් කිරීමටත් බෙහෙවින් උපකාරී වෙනවා. ඇපල් හා සැල්දිරි වැනි හොඳින් හැපෙන ආහාර වර්ගත් ස්වාභාවිකවම දත් සුදෝසුදු කිරීම සඳහා හොඳින්ම ගැළපෙනවා.

05. පෙට්‍රෝලියම් ජෙලි ආලේපය

අපේ කට්ටියට නම් මේක ඒ තරම් හුරු පුරුදු දෙයක් නෙවෙයි.නමුත් පෙට්‍රෝලියම් ජෙලි ආලේපයෙන් දත් දෙපළට ලැබෙන්නේ සුරක්ෂිත බවක්.ඔයාලා එදිනෙදා භාවිතයට ගන්නා තේ,කෝපි පානයන් හෝ ලිප්ස්ටික් මගින් දත් දෙපළේ ඇති කරන අනවශ්‍ය පැල්ලම් ඉවත් කර වඩා දීප්තිමත් බවක් ලබාදීමට පෙට්‍රෝලියම් ජෙලි ආලේපය කදිමයි.

06. Bronzer ආලේපය

දීප්තිමත් හිනාවක් වෙනුවෙන් තවත් හොඳම උපක්‍රමයක් තමයි Bronzer ආලේපය.ඉන් ඔබේ මුහුණට ගෙන එන අපූරු දීප්තිය ඔබේ දත් දෙපළේ දීප්තිය තවත් වැඩි දියුණු කිරීමට කදිමට ක්‍රියාකරනවා.

The post දීප්තිමත් හිනාවකට ද ඔයාලගේ කැමැත්ත? appeared first on Beauty Girls.

පෙනුම ඉහල යන පිරිමි කොණ්ඩ විලාසිතා 5ක්

$
0
0

කොණ්ඩය කියන්නෙ කෙනෙක්ගෙ පෞරුෂත්වය ඉස්මතු කරන්න අනිවා බලපාන සාධකයක්. හොඳ කොණ්ඩ විලාසිතාවකට ඔබේ පෙනුම දෙගුණ තෙගුණ කරල ඔබව කඩවසම් පුද්ගලයෙක් කරන්න පුලුවන් වගේම නරක විලාසිතාවකට පුලුවන් ඔබව විකාරයක් බවට පත් කරල අන් අය අතරේ විහිලුවට ලක් කරන්න.

කාලෙන් කාලෙට ඇවිත් යන hairstyles අතරේ අපේ ලංකාවෙ කොල්ලන්ට නියමෙටම සෙට් වෙන hairstyles වර්ග තියනවා. අන්න ඒ විදිහෙ සෙට් එකක් ඔන්න අද අපි ඔයාල වෙනුවෙන්ම අරන් ආවා.

1. Simple Short
කවදත් පැරණි නොවන මේ කොණ්ඩ විලාසිතාව ඉතාම පහසුවෙන් අනුගමනය කරන්න පුලුවන් එකක්. උඩින් කොණ්ඩය තරමක් ඉතිරිවෙන්න හැරල දෙපසින් සහ පසුපසින් කොණ්ඩය කෙටි කරල තමයි මේ විලාසිතාවට කොණ්ඩය සකසගන්නෙ.

ලොකු නඩත්තුවක් අවශ්‍ය වෙන්නෙ නැති මේ කට් එක නිසා හදිසි ගමනකට උනත් ඉක්මනින් කොණ්ඩය ස්පයික් වෙන්නට හෝ පැත්තට පීරා සකසාගන්න ලේසියි.

2. Side Part
Side Part එහෙමත් කොණ්ඩය පැත්තෙන් බෙදීම සෑහෙන්න පරණ කොණ්ඩ විලාසිතාවක් උනාට, 2015 අවුරුද්ද වෙද්දි මේක නැවත trend එකක් බවට පත් උනා. ගානට ඉර හිටින විදිහට කොණ්ඩය පැත්තෙන් බෙදල ගන්න Classic Side Part එක වගේම තරමක් අපිළිවෙලට කොණ්ඩය බෙදා සකසාගන්නා Side Part එක අපේ අයට වඩාත් ගැලපෙයි.

එහෙමත් නැත්නම් Side Part එකේම නව ප්‍රවණතාවයක් වන Shaved Part විලාසිතාවත් අනුගමනය කලාට වරදක් නෑ.

3. Modern Pompadour
මේ දවස්වල අතිශයින් ජනප්‍රිය Pompadour විලාසිතාවට තිබෙන්නෙ සිත් ගන්නා සුලු ඉතිහාසයක්. මේ ස්ටයිල් එකට නම පටබැඳිල තියෙන්නෙ Madame de Pompadour නම් ප්‍රංශ කාන්තාවක් නිසා. මුල් කාලෙදි කාන්තාවන් අතර පමණක් ජනප්‍රියව පැවති මේ විලාසිතාව පුරුෂ පාර්ශ්වය අතර ජනප්‍රිය කරන්න හේතු වෙන්නෙ ඉතාම ජනප්‍රිය පුද්ගලයෙක්. ඒ තමයි ඔබ අපි කවුරුත් දන්නා Elvis Presley. එල්විස් මේ විලාසිතාව අනුගමනය කිරීමත් සමගම 50-60 දශකවල මේ විලාසිතාව උන්මාදයක් විදිහට පැතිරගිහින් තිබෙනවා.

මේ විලාසිතාවට අනුව කොණ්ඩය සකසාගන්න කැමති අයට මේ වීඩියෝව නැරඹීම මගින් ඒ ගැන දැනගන්න පුලුවන්.

4. Buzzed Skin Fade
2015 අවුරුද්දේ පිරිමි කොණ්ඩ විලාසිතා අතරින් වඩා ජනප්‍රිය උනේ තරමක් දිගු කොණ්ඩ විලාසිතායි. මේ අවුරුද්ද වෙද්දි ඒ තත්ත්වය තරමක් වෙනස් වෙලා කෙටි කොණ්ඩ විලාසිතාවලට වැඩි ජනප්‍රියත්වයක් ලැබෙන්න පටන් අරන්.

හොඳටම කොට වෙන්න කොණ්ඩෙ කපන්න බය නැති අයට 2016 අලුත් ප්‍රවණතාවයක් වන Buzzed Skin Fade විලාසිතාවක් අනුගමනය කරන්න පුළුවන්. උඩින් කොණ්ඩය ඉතා කොට කර ක්‍රම ක්‍රමයෙන් වර්ණය අඩුවීගෙන යන විදිහට කොණ්ඩය කැපීමෙන් මේ විලාසිතාව හදාගන්න පුළුවන්. මේ දිනවල අපේ රටේ පවතින උණුසුම් කාළගුණයටත් හොඳටම ගැලපෙන විලාසිතාවක් වේවි.

5. Man Fringe
Man Fringe කියන්නෙත් මෑතකදි ඉමහත් ජනප්‍රියතාවයකට පත් වූ විලාසිතාවක්. ඕනෑම මුහුණූ හැඩයකට ගැලපෙන විලාසිතාවක් වීම නිසා මේ විලාසිතාව කරන්න කිසිසේත්ම බය වෙන්න ඕනෙ නෑ.

නලලට කෙස් වැටෙන සේ සකසන මේ විලාසිතාව කෙටි හෝ දිගු කෙස් රොදවල් වශයෙන් තමන්ට ඕනෑ ආකාරයකට සකස් කරගන්න පුලුවන්. හැබැයි තමන්ගෙ ඇස් වැහෙන තරම් දිගට Fringe එක නොදාන එක තමයි වඩාත් හොඳ.

The post පෙනුම ඉහල යන පිරිමි කොණ්ඩ විලාසිතා 5ක් appeared first on Beauty Girls.

කිම්ගේ ඇදුම් විලාසිතා

$
0
0

කිම් අලුත් ඇදුම් විලාසිතාවකින් සැරසිලා ඉන්න ඡායාරූප පෙළක් මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

ඡායාරූප පහතින්……….

bbd vvdsg hfhfhf gbdhd dhdh bhb

The post කිම්ගේ ඇදුම් විලාසිතා appeared first on Beauty Girls.

Viewing all 90 articles
Browse latest View live