The post තැනේ FASHION හැටියට කරන්න appeared first on Beauty Girls.
තැනේ FASHION හැටියට කරන්න
සුකුරුත්තම්
The post සුකුරුත්තම් appeared first on Beauty Girls.
මිස් ඉන්ටකොන්ටිනෙන්ටල් 2016 පෝටරීකෝවට: දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට
මිස් ඉන්ටකොන්ටිනෙන්ටල් 2016 අවසන් මහා තරගයෙන් පෝටරීකෝව නියෝජනය කළ හේලිමා රොසාරියෝ ජයග්‍රහණය කළා ය.
දෙවැනි ස්ථානය හිමිවුණේ ශ්‍රී ලංකාවේ ට්‍රේසි ද සිල්වාටයි.
ඝානාව නියෝජනය කළ සිල්වියා කොමඩෝට තුන්වැනි ස්ථානය හිමි වූවාය.
අවසන් මහා තරගය අද ස්ටයින්ස් මැදිරි සංකීර්ණයේ දි පැවැත්විය.
The post මිස් ඉන්ටකොන්ටිනෙන්ටල් 2016 පෝටරීකෝවට: දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට appeared first on Beauty Girls.
Fashion- නොදැන ගියොත් අතරමග
අද වෙනකොට සමහර අය හිතන විදියට fashion කියන්නේ ලෝකය පිනවන දෙයක් නම් නෙමෙයි. තමන්ගේ තෘප්තිය උදෙසා ගැලපෙන විලාසිතා කිරිම තමයි fashion කියන්නේ..
ගොඩක් අය කැමතියි කොණ්ඩේ හදන්න ,කපන්න, ලස්සනට අදින්න, ප්‍රශ්නේ තියෙන්නේ ඔය හැමදේම තමන්ට හරියයි ද කියන එක. කෙල්ලෙක් වුණත් කොල්ලෙක් වුණත් තමන්ට ගැලපෙන fashion එක මොකක් ද කියලා බලලා තමයි කරන්න ඕනි. නිකම් මොකටද කාටවත් joke එකක් වෙන්නේ.. නේද ?
කාලයෙන් කාලයට එක එක විලාසිතා එනවා. හැබැයි ඒවා හැමදේම කරන්න ඕනි කියලා නීතියක් නෑ. අනික, එන හැම කුණු ගොඩම බදාගන්න ඕනී කියලා දෙයකුත් නෑ.
ගොඩාක් fashion අපිට එන්නේ යුරෝපයේ ඉදලා. ඉතින් සුද්දන්ගේ ඒවා අපේ රටට හැමතිස්සෙම හරියන්නෙ නැහැනේ. ගැලපෙන අය නැතුවම නෙමෙයි, කොහොම වුණත් තමන් දැනගන්න ඕනී තමන්ට ගැලපෙන නොගැලපෙන fashion හරියටම මොනවාද කියලා තෝරගන්න.
අනික කොල්ලන්ට කෙල්ලන්ට වෙන වෙන fashion තියනවා. ඒවා පටලගන්න හොද නෑ!
ඒවා පටලගන්න කියාම තමයි ප්‍රශ්නේ, ඩෙනිම් t shirt ඉතිං අපි දෙගොල්ලොම හරිම සහයෝගයෙන් අඳින දෙයක්නේ..
මහත අයගේ fashion කෙට්ටු අයට ගැලපෙන්නේ නෑ, කෙට්ටු අයගේ fashion මහත අයට ගැලපෙන්නේ නෑ. එතකොට භාගයක් එළියේ නැත්තම් ගෝනිවල බැහැලා වගේ තමා.
ලංකාවේ අපේ ඇඟේ පාට එක්ක අපිට බැහැනේ සුද්දන්ගේ fashion කරන්න. එතකොට නිකම් තැඹිලි ගෙඩියට කපුටා වැහුවා වගේ තියෙයි. ඒ වගේම, කරන්නම් වාලේ fashion කරලා වැඩක් නෑ. අනික අවුල තියෙන්නේ fashionවල නෙමෙයි, හරියට තෝරාගන්න නොදන්න අපි ළඟ..
අපි ළගම ඉන්න අය කරන fashion එයාලාට ලස්සන වෙන්න පුළුවන් ඒත් අපිට කැතනම් මොනා කරන්නද..? අනුන් කරන එවා කරන්න ගිහින් මොකටද නිකම් නා ගන්නේ.
ජීවිතේට fashion ඕනි… අපි fashion කරන්නත් ඕනේ වගේම ඒ අපට ගැලපෙන විදියට මිසක් යන්නෙ කොහේද මල්ලේ පොල් fashion නෙමෙයි..
කඩේට ගියාම තියෙන්නේ ඔක්කොම නෙමෙයි, ගැලපෙන ඇඳුම් තමයි ගන්න ඕනේ. මොනරු තියන තරමට නෙමෙයි, ඇඟේ තරමට තමයි අපි ඇඳුම් ගන්න ඕනි. අනික fashion කියන්නෙ art එකක්. ඒ art එකට බහින්න ඕනේ art එක දැනගෙන් මිසක් අහුලගෙන නෙමෙයි.
ඇහින්දාස් fashion නිසා තමයි අද fashion අන්දොස් වෙලා තියෙන්නෙ.
කරන දෙයක් දැනගෙන කරන්න ඕනි. නොදැන කරොත් අතරමග! ඉතින්, ජීවිතේ සිම්පල් විදියට විඳින්න, අපිට හරියන ෆැෂන් ගැන අපි KIS- Keep It Simple තුලින් ඉදිරියට ගොඩක් දේ ගැන කතා කරමු! ඒ වගේම fashion ගැන මොකද හිතන්නේ, ඒ වගේම fashion ගැන ඔයාලා කතා කරන්න කැමති මොනවා ගැන ද, ඒ ගැනත් අපිට පහල commentsවලින් කියන්න අමතක කරන්න එපා
The post Fashion- නොදැන ගියොත් අතරමග appeared first on Beauty Girls.
FASHION
The post FASHION appeared first on Beauty Girls.
කෙල්ලන්ට Heels
The post කෙල්ලන්ට Heels appeared first on Beauty Girls.
පච්ච යුගය පසු කර ආ ටැටූ කලාව
ඉස්සර නම් පච්ච ගහගෙන ඉන්න අය දිහා සමාජය දිහා බැලුවේ හොද ඇහැකින් නම් නොවේ. සමාජය ඔවුන් හැදින්වුයේ අයි.ආර්.සී කාරයෝ කියලා. තරමක් ප්‍රචන්ඩ, දරුණු අය පච්ච කොටන් ඉන්න බව මතයක් තිබුණා. නමුත් අද නම් තරමක් ඒ මතයන් වෙනස් වෙලා තිබෙනවා. ලංකාවේ කෙසේ වෙතත් ලෝකයේ බොහෝ රටවල් වල ටැටූ කලාව ඉතාමත් ජනප්‍රියයි. මේක එක්තරා කලාවක්. තම සිතැගි දේවල්, අමතක නොවන දෙයක්, තම ප්‍රියතම රූපයක් ආදීය ටැටූ ලෙස කොටා ගන්න පුළුවනි. ගොඩක් තරුණයන් තමන් ආදරේ කරන පෙම්වතියගේ නම් ගහ ගන්න කැමතියි. ඇතැම් පිරිස් ජිවිතේ එක් විශේෂ සිදුවීමක් සිහිපත් කර ගන්න ටැටූ ගහ ගන්නවා. අද වෙනකොට නම් පිරිමි අය විතරක් නම් කාන්තාවන් අතරත් ටැටූ කලාව ජනප්‍රිය වෙලා.
2වන ශත වර්ෂයේ මිසරයේ මමිවල පවා ටැටූ තිබුණු බවට පර්යේෂකයින් විසින් සොයා ගෙන තිබෙනවා. ක්‍රි.පු. 300දි පමණ පැරණි අයිස්මෑන් ඔඩිස් නැමැති ශරීර කොටස් මත පච්ච වැනි දේවල් නිර්මාණය කර ඇති තිබෙන බව පර්යේෂකයින් විසින් පෙන්වා දෙනවා. නමුත් ලංකාවට නම් ටැටූ කලාව එන්නේ ඉංග්‍රීසින්ගේ පැමිණත් සමගයි. විශේෂයෙන්ම නාවිකයන් ලංකාවට පැමිණත් සමග තමයි ලංකාවට ටැටූ කලාව එන්නේ.
ටැටූ වර්ග ගොඩක් තිබෙනවා. පොලිනේසියන් ටැටූ, ට්‍රයිබල් ටැටූ, හයිඩා ටැටූ ආදී ලෙස විවිධ ටැටූ වර්ග තිබේ. ටැටූ ගහන එතරම් ලෙසි පහසු කාර්යයක් නම් නොවේ. මේ සදහා යම් ප්‍රමාණයකින් මුදල් වියදම් වෙනවා. අතේ මුදලට සරිලන ප්‍රමාණයේ ටැටූ ගහගන්න පුළුවන්. නමුත් ඉතිං මුදල් අඩු වන විට ටැටූ එකේ තිබෙන ගුණාත්මකභාවය අඩු වෙන්න පුළුවන්. ටැටූ ගහන්න හැමෝටම බෑ. ඊට දක්ෂතාවය තියෙන්න ඕනෑ. විශේෂයෙන්ම වර්ණ ගැලපීමේ හැකියාව, සෙවණැලි ඇදීම, විස්තරාත්මක බවින් වැඩි ටැටූ එකක් කරනකොට මේ කියන දක්ෂයෝ අදක්ෂයෝ අතර වෙනස දැක ගන්න පුළුවනි. ටැටූ එකේ ප්‍රමාණය, එකේ තියෙන විස්තර සහ වර්ණයන් ප්‍රමාණය සහ සංකීර්ණ බව අනුව තමයි බොහෝවිට ටැටූ එකක් මිල ගණන් තීරණය වෙන්නේ. ටැටූ එකක් ගහනකොට ඔබේ අතේ තිබෙන මුදල් ප්‍රමාණයද වැදගත් වෙනවා.
යුරෝපය වගේ රටවල් වල සමග සසදන විට නම් ලංකාවේ එතරම් ටැටූ කියවීමක් නැති බව තම ටැටූ කලාවේ නිරත වෙන අයගේ අදහස්. තවත් කෙනෙක් ටැටූ එකක් ගහල තිබෙනවා නම් තමාටත් එවැනි ටැටූ එකක් ගහ ගන්න අය ඉන්නවා. සමහරු නම් ටැටූ ගහන්නේ හොද අවබෝධයෙන්.
බොහෝ වෙලාවට ටැටූ කියන එක පවතින්නේ ජනප්‍රිය සංස්කෘතියක් එක්ක තිබෙන දෙයක්. ගොඩක් දුරට ගාල්ල, නුවර, කොළඹ වැනි සංචාර ප්‍රදේශවල මේ ටැටූ කලාව වැඩිපුර දකින්නට පුළුවන්. ටැටූ ගහනකොට ටැටූ ගහන පුද්ගලයාට වර්ණ පිලිබදව දැනුම, නිර්මාණශිලිත්වය ටැටූ පිලිබදව හොද අවබෝධයක් තිබීම හරිම වැදගත්. ටැටූ ගහන අය ඕනෑ තරම් හිටියත් ඉතාමත් දක්ෂ ටැටූ නිර්මාණ ශීල්පින් ඉන්නේ තරම අඩුවෙන්. ඒ කොහොම වෙතත් ටැටූ ගහනවා නම් ඒ පිලිබදව හසල දැනුමක් තිබෙන කෙනෙක් ලවා ගහගන්නවා නම් හොදය.
අදටත් ලංකාවේ ටැටූ ගහල තියෙන කෙනෙක් දිහා බලන විදිය තරමක් වෙනස්. ගොඩක් අය ටැටූ ගහල තියෙන කෙනා දිහා බලන්නේ චන්ඩියෙක් විදියට. ලංකාවේ පවතින සමාජ වටපිටාව, සංස්කෘතිය මිට හේතු වෙලා තිබෙනවා. කාලයත් එකක් මෙය වෙනස් විය හැකිය. ටැටූ කියන්නේ කලාවක් කියල අප සමාජයේ බොහෝ පිරිසට අවබෝධයක් නෑ. නමුත් ටැටූ ගහගෙන ඉන්න අය නරක පුද්ගලයන් නම් නොවේ.
The post පච්ච යුගය පසු කර ආ ටැටූ කලාව appeared first on Beauty Girls.
උත්සව කාලෙට
The post උත්සව කාලෙට appeared first on Beauty Girls.
කෙල්ල අදින ඇදුම කොට වෙන තරමට Shoot එක Hit වෙනවා..- ඉසුරු ගිල්ශාන්
- ඔබ නිරූපණ ශිල්පියෙක්ද? රංගන ශිල්පියෙක්ද?
මම මේ ක්ශේත්‍ර දෙකේම නියලෙනවා. මට ඕන All-rounder කෙනෙක් විදියට මගේ ගමන යන්න. මම ක්ශේත්‍රයට ආවෙ නිරූපණ ශිල්පියෙක් විදියට. මේ ක්ශේත්‍ර දෙක ගැනම මම අද්‍යාපනය ලබාගෙන තියෙනවා. ඒක මට ලොකු වාසියක් ඉදිරියට යන්න.
- ලංකාවේ පිරිමි මොඩල්ස්ලට තැනක් හැදුනේ නෑ තවම.. මොඩල් කිව්වම කාන්තාවම තමයි සිහියට එන්නේ මේ තත්වය වෙනස් වෙලාද ඉදිරියේද වෙනස් වෙයිද?
ඒකට හේතුව තමයි ගෑණු ලමයිට ලොකු Chances ප්‍රමාණයක් හැදෙනවා. පිරිමි ලමයිට එහෙම හැදෙනව අඩුයි. ඒ වගේ තත්වෙකදි ලoකාවෙ Female Models ලා 80 ක් 90 ක් බිහි වෙද්දි Male Models ලා එන්නෙ 10 ක් 15 ක් විතර තමයි. ඉතින් දකින මිනිස්සු හිතන්නෙ ලoකාවෙ ඉන්නෙ Female Models ලා විතරයි කියලා තමයි.
- නිරූපණ ක්ෂේත්රෙවය් කාන්තාව අඩ නිරුවත් වීම ප්රෂසිද්ධියට මෙන්ම ජනප්රිියත්වයටත් හේතුවක් …. ඒත් පිරිමි…?
ඔව්.. නිරුවත Market කරන තරමට ඉස්සරහට යන්න පුලුවන් අද කාලෙ. Photoshoot එකේ කෙල්ල අදින ඇදුම කොට වෙන තරමට Shoot එක Hit වෙනවා. කොටට අදින තරමට තමයි Shoot හම්බුවෙන්නෙ.
- රංගනයට වගේම නිරූපණයටත් නියමිත විෂයක් ලංකාවේ තවම ගොඩ නැගිලා නෑ හිතෙන්නේ නැද්ද විෂයක් ලෙස මෙය ගොඩනැගීම තුළ ක්ෂේත්රලය තවත් පුළුල් වෙයි කියා?
මෙහෙමයි ඉගෙනගන්න උවමනාවක් තියෙනම් ලoකාවෙ අද වෙද්දි Modelling / නාට්‍ය ගැන ඉගෙනගන්න ඕනතරම් අවස්තාව තියෙනව දැන්. ඒත් අද ඉන්න අයට ඕන රැල්ලට Modelling කරන්න විතරයි. ඉගෙනගන්න උත්සාහ කරන්නෙ නෑ. Photos වලට Pose කරන එක තමයි Modelling කියල හිතාගෙන ඉන්නෙ ගොඩක් අය. එතනින් එහා ගියපු ගොඩක් දේවල් මේ ක්ශේතර්යේ තියෙනවා.
- මේ ක්ෂේත්‍රයේ වැඩියෙන් Chance ලැබෙන්නෙ කෙල්ලන්ට කියලා සමහරු කියනවා. බොරු නේද කතාව?
මෙහෙමයි ඔතන ඇත්තක් නැතුවම නෙවෙයි. නමුත් මම විශ්වාස කරන දේ තමයි තම්න් දක්ශයි නම් කොහොම හරි අවස්තාව ලැබෙනවා. අර ප්‍රශ්නෙට උත්තරේ හම්බුවෙනවා අද social media පාවිච්චි කරද්දි. Facebook models ලා තමයි ඉන්නෙ වැඩිපුරම. දැන් හැමෝගෙම Profile වල තියෙන්නෙ Works at Actor / Model කියලා.
- පවුලෙ තොරතුරු ටිකක් කිව්වොත්.. දැන් girl friend කෙනෙක් එහෙම ඇති නේද?
මගේ උපන් ගම ගාල්ල , බද්දේගම. දැන් ඉන්නෙ නුගේගොඩ. පව්ලෙ ඉන්නෙ අම්මයි තාත්තයින් නoගියි මමයි ආච්චියි. Girl Friend කෙනෙක් නම් නෑ. බලමු ඒ දේවල් ඉස්සරහට තනිකඩ ජීවිතේ සුන්දරයි නිස්කලන්කයි. හොද කෙනෙක් හම්බුනොත් බලමු ඉස්සරහට.
- ක්ෂේත්‍රයේ හමුවන අද ඉන්න Photographers ලා ගැන මොකද හිතන්නේ?
ගොඩක් දක්ශ අය ඉන්නව මේ වෙනකොට මේ ක්ශේත්‍රයේ. ඒ වගේ අය එක්ක වැඩ කරන්න ලැබෙන එක අපට ගොඩාක් සතුටක්. ඒ වගේම තමා අත්දැකීම් තියෙන අය එක්ක ඒ අත්දැකීම් බෙදා ගන්න ලැබෙන එක ලොකු වාසනාවක්.
- ඉදිරියට මොන වගේ Plans ද තියෙන්නෙ?
ඉදිරියට යන්න නම් ලොකු ලොකු හීන තියාගෙන නෑ. හැබැයි කරන නිර්මාණය පුලුවන් උපරිම හොදින් කරන්න තමයි උත්සාහ කරන්නෙ. ඒ ඇරෙන්න වෙන බලාපොරොත්තු නෑ.
- ක්ෂේත්‍රයට අලුතින් එන අයට මොනවද කියන්න තියෙන්නෙ?
මුලින්ම තමන් තේරුම් ගන්න ඕන තමන්ට මේ ක්ශේත්‍රය ගැලපෙනවද නැද්ද කියන එක. කරනවනම් ක්ශේත්‍රය ගැන අධ්‍යාපනයක් ලබාගෙන දැනුමක් ඇතුව එන්න කියන එක තමා කියන්න තියෙන්නෙ. ඒ වගේම තමා Model කෙනෙක් හරි රoගන ශිල්පියෙක් හරි නම්, තමන් ගැන , තමන් කරන නිර්මාණ ගැන බය නැතුව කියන්න කතා කරන්න පුලුවන් වෙන්න ඕනෙ. කට ඇරල කතා කරන්න බැරි, පෙන්වන්න බැරි නිර්මාණ වලට දායක නොවී හොද නිර්මාණ වලින් ක්ශේත්‍රයේ රැදී ඉන්න කියන එක තමා කියන්නෙ. මේ ක්ශේත්‍රයට එන්න ලේසියි. හැබැයි රැදී ඉන්න අමාරුයි ටිකක්. රැල්ලට Modelling නොකර නියම Model කෙනෙක් විදියට ගමන යන්න.
සංවාද සටහන -තරුෂි නවංජනා
The post කෙල්ල අදින ඇදුම කොට වෙන තරමට Shoot එක Hit වෙනවා..- ඉසුරු ගිල්ශාන් appeared first on Beauty Girls.
Imesh Nuwandaka photography
‘ටැටූ’කියන්නෙ කලාවක්..
ටැටූ එහෙමත් නැත්නම් ‘පච්ච‘ කලාව කියෙන්නේ ඉතාමත් පැරණි කලාවක්. ටැටූ කලාවට කොතරම් දිගු ඉතිහාසයක් තියෙනවාද කිව්වොත් එය මායාවරුන්ගේ ශිෂ්ඨාචාරයටත් පෙර සිට මිනිසුන් තම ශරීරය අලංකාර කරගන්න යොදා ගෙන තිබෙන බවට සාක්ෂි පවතිනවා.
ලෝකයේ හැම රටකම වගේ කාන්තා පිරිමි දෙපාර්ශවයම ටැටූ වලින් තමන්ගේ ශරීරය ලස්සන කරගන්නවා. අපේ රටේ මෑත ඉතිහාසයේ නම් පච්ච නැත්නම් ටැටූ සිරුරේ කොටා ගත්තේ චන්ඩි කියලා මතයක් තමයි සමාජයේ පැතිරිලා තිබුණේ. ඒත් දැන් ඒක ගොඩක් වෙනස් වෙලා අපේ රටෙත් දැන් කාන්තා පිරිමි දෙපාර්ශවයේම මේ ටැටූ කලාවට ලොකු උනන්දුවක් තියෙනවා.
ලස්සන වෙන්න විතරක් නෙමෙයි තමන් මොන වගේ සිතුම් පැතුම් තියෙන කෙනෙක්ද කියලා සමාජයට පෙන්න හොඳ ක්‍රමයක් තමයි මේ ටැටූ කලාව. හැබැයි මේක තමන්ගේ ශරීරය මත කරන් ස්ථිරව පවතින දෙයක් නිසා නිවැරදිව, ලස්සනට කර ගත්තෙ නැත්තම් ඔයාට ලොකු අමාරු ගොඩක වැටෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා ටැටූ එකක් ගහන්න අදහසක් තියෙනවා නම් මේ දේවල් ගැන ඔයාගේ අවධානය යොමු කරන එක ගොඩක් හොඳයි.
- මූලිකම දේ තමයි ටෑටූ එකක් ගහනකොට පළපුරුදු කෙනක් ලගින් ඒක කරගන්න එක. ටැටූ එක ගහන්න ඕනි හම උඩ ඒක වැරදියට කළොත් ටැටූ එක Emboss වෙලා එහි හැඩය වර්ණය වෙනස් වෙන්න ගන්නවා. එහෙම උනොත් ඔයාගේ ටැටූ එක මතගෑවුන චිත්‍රයක් වෙගේ වේවි.
- ටැටූ අඳින්න ගන්න වර්ණක ගැනත් සැලකිලිමත් වෙන එක ගොඩක් වැදගත්. හොඳ වර්ණ පාවිචි කරන්න ඕනි. USA වගේ රටවලින් එන වර්ණක ඉතාමත් සෞඛ්‍යාරක්ෂිතයි වගේම ඇලජික් වෙනවත් අඩුයි. කොයි වර්ණක උනත් ලංකාවේ හමට ගැලපෙන එකක් වෙන්න ඕනි.
ටැටූ එකේ Shadings එන තැන් වලට පාවිච්චි කරන්න වෙනම වර්ණක තියෙනවා. ඔයා ගහන්න යන Design එකේ shadings තියෙනවා නම් එම වර්ණක පාවිච්චි කරණ එකත් වැදගත්.
- ටැටූ ගහන්න පාවිච්චි කරන මැෂින් එකත් ගොඩක් වැදගත්, ඒවා ඉහළම තත්වයේ තියෙන්න ඕනි. USA, Germen මැෂින් වල තත්වය ඉතාමත් ඉහළයි. විවිධ හැඩ මතු කරගන්න යොදා ගන්න කටු වර්ගත් එකිනෙකට වෙනස් වෙනවා. විශේෂම දේ තමයි එකම කටු ගොඩක් අයගේ ටැටූ ගහන්න පාවිච්චි කරන එක හරිම භායානක දෙයක්. මේ වැරදි වැඩේ නිසා ඒඩ්ස් වගේ භයානක සමාජ රෝග හැදෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ටැටූ එක ගහද්දි ඔබ ඉදිරියේම අළුත් කටු වල ආරක්ෂක ආවරණ ඉවත් කරන ලෙස නිර්මාණ ශිල්පියාගෙන් ඉල්ලන්න. එය ඉතාමත් වැදගත් කරුණක් ඒවා අළුත් කටුද යන්න සැක හැර දැන්ගන්න. සමහර අය පාවිච්චි කරපු කටු තම්බලා ජීවානුහරණය කරලා නැවත පාවිච්චියට ගන්නවා. එහෙම කරන්නේ ඔයාට අඩු මුදලට ටැටූ ගහන්න වෙන්න පුළුවන් ඒත් ඒක හරිම භයානකයි වගේම නොකළ යුතු දෙයක්
- අනිත් වැදගත් දේ තමයි ටැටූ එක ගහන කෙනාගේ කලාත්මක හැකියාව හා පළපුරුද්ද. ඔයා ටැටූ එකක් ගහන්නේ මුළු ජීවිතකාලෙටම තියාගන්න. ඒ වගේ එකක් පළපුරුද්දක් නැති නිර්මාණශීලීත්වයක් නැති කෙනෙකුට කියලා කරගත්තොත් ලස්සන වෙන්න කියලා හිතල කරපු දෙයින් ඔයාට ලොකු අවලස්සනක් ලැබෙන්නත් පුළුවන්. ටැටූ එක ගහන්න කලින් ඒක ගහන කෙනාගේ නිර්මාණශීලිත්වය ගැන හොදට අධ්‍යයනය කරන්න. පළපුරුදු කෙනෙක් ටැටූ එකක් ගහද්දි වේදනාව දැනෙන්නේ ගොඩක් අඩුවෙන්. සමහර විට ඔයාට වේදනාවක් දැනෙන එකකුත් නැහැ.
- පළපුරුදු කෙනෙක් ඔයාගේ ටැටූ එක කළාම තියෙන අනිත් වාසිය තමයි පසු කාලෙක ඔබට ටැටූ එක ඉවත් කරගන්න උණොත් එය ලේසර් තාක්ෂණයෙන් ඉවත් කරගන්න පුළුවන් වීම. ඒත් අත්දැකීම් අඩු කෙනෙක් හම තුළටම ටෑටු එක කරලා තිබ්බොත් ඉවත් කරගන්න එක කරන්න අමාරුයි.
මේ කරුණු ගැන සැලකිලිමත් වුණොත් ඔයාට හොඳ ටැටූ එකක් ගහගන්න එක එතරම් ආමාරු දෙයක් නෙවෙයි.
-උපුටාගැනීම ශ්‍රී Life.lk
The post ‘ටැටූ’ කියන්නෙ කලාවක්.. appeared first on Beauty Girls.
UM Photography – Udaya Hewagama
https://www.facebook.com/umphotographylk/
The post UM Photography – Udaya Hewagama appeared first on Beauty Girls.
chenara Dodge
glitz Fashion
Up Town Liberty Plaza
GFlock Fashion
New Chic Fashhion
Chenara DODGE
Kelly felder
k
Aurora Fashion